Colombo Today Local News

වෙනම තරඟ කරන්න නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් දැරූ උත්සාහය මෛත්‍රිපාල සිරිසේන වලක්වයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පොහොට්ටුවේ නාමයෝජනා අහිමිවූ මන්ත්‍රීවරු අත ලකුණ යටතේ වෙනම තරඟ කිරීමට ඊයේ(17) දහවල් වන විට තීරණයක් ගෙන තිබූ අතර ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්‍රිපාල සිරිසේන කැමැත්ත පළකර තිබූ බවත් සවස නාම යෝජනා පත්‍ර සකසා ඊට අනුමැතිය ඉල්ලු විට වෙනම තරඟ නොකරන ලෙස සිරිසේන හිටපු ජනාධිපති දන්වා ඇති බවත් වාර්තා වෙනවා.

සිරිසේන ජනාධිපතිවරයාගේ මෙම ක්‍රියාව හේතුවෙන් නාම යෝජනා අහිමිවූ මන්ත්‍රීවරු දැඩි ලෙස කලකිරීමකට පත්ව ඇති බවත් එම මන්ත්‍රීවරු පුජ්‍ය අතුරලියේ රතන හිමි සහ පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ මුලිකත්වයෙන් ඉදිරිපත්වෙන අපේ ජන පෙරමුණෙන් කොඩිය ලකුණ යටතේ ඉදිරිපත් වීමට සුදානම් වී සිටින බවත් වාර්තා වේ.

Related posts

මැති ඇමතිලාට වාහන ගැනීම කල් දැම්මා… ගංවතුරෙන් පසුව ගන්නවා

colombotoday

IMF කොන්දේසි 08ක් සපුරාලීමට ශ්‍රී ලංකාව අපොහොසත් වෙලා

Admin

කොළඹ තාවකාලික පදිංචිකරුවන් ලඟම පොලීසියේ ලියාපදිංචි වන්නයි පණිවිඩයක්

colombotoday

වැසී ගිය සපුගස්කන්දේ යළි වැඩ අරඹන්න සැලසුම්

Admin

මාවනැල්ල ප්‍රදේශයට යුද හමුදා ආරක්ෂාව

colombotoday

එදා මෙදාතුර මේ රටේ පැවැති දුර්වලම ආණ්ඩුව මෛත්‍රි-රනිල් හවුලයි

colombotoday