හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ 47 වැනි උපන්දිනය අද (07) ට යෙදී තිබේ.
වාහන අවභාවිතා කළේ යැයි වන චෝදනාව සම්බන්ධයෙන් ලබන 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර සිටින විමල් සිය උපන්දිනය පාර්ලිමේන්තු සැසියකට සහභාගිවූ අවස්ථාවේ අද (07) පාර්ලිමේන්තු භෝජනාගාරය තළදී සමරා තිබේ.
විමල්ගේ උපන්දින සැමරුමට ඔහුගේ බිරිය සෂී, දියණිය විමාෂා හා පුතු විභූති මෙන්ම හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරු පිරිසක් සහභාගිවී ඇත.
ඔහුගේ උපන්දින කේක් ගෙඩිය මත මාංචු කුට්ටමක් ද නිර්මාණය කර තිබීම විශේෂිතය.