විධායක ජනාධිපති ධුරය අහෝසි කළ යුතු බවට විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා කර ඇති ප්රකාශය ශක්තිමත් කිරීම වෙනුවෙන් පෙනී සිටින බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්රී නලින්ද ජයතිස්ස මහතා සදහන් කරන්නේ, මහින්ද රාජපක්ෂ මහතා විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම පිළිබදව ධනාත්මක අදහසක් පලකර ඇති අවස්ථාවක ඔහු වටා සිටින ඇතැම් පුද්ගලයන් කරන ප්රකාශ පිිළිබද කණගාටු වන බවයි.