Colombo Today Local News

විපක්ෂනායක ධුරය සදහා ද්වන්ධ සටන ඇරඹෙයි !

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය තනතුරින් ඉල්ලා අස්වීමත් සමග විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා නව අගමැති ලෙස පත්වීමට නියමිතව තිබේ.

එසේම ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් ඉදිරි පාර්ලිමේන්තු සැසියේදී විපක්ෂයේ අසුන් ගැනීමට නියමිතය.

මේ අනුව විපක්ෂයේ වැඩිම ආසන සංඛ්‍යාව හිමි පක්ෂය බවට එක්සත් ජාතික පක්ෂය  පත්වන අතර ඒ අනුව එම පක්ෂයෙන් විපක්ෂනායකවරයා පත්කර ගැනීමට නියමිතය.

විපක්ෂනායක තනතුර සඳහා ජනපතිවරණයේදී දෙවැනි ස්ථානයට පත්වූ සජිත් ප්‍රේමදාස මහතා පත්කළ යුතු බවට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් මේ වන විටත් ප්‍රකාශ කර තිබේ.

අද පෙරවරුවේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ විපක්ෂනායක තනතුර සඳහා සුදුසුම පුද්ගලයා සජිත් ප්‍රේමදාස මහතා බවයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම තනතුරින් ඉවත් වුවත් ඉදිරියේදී කුමනාකාරයෙන් කටයුතු කරන්නේද යන්න පිළිබඳව මේ දක්වාම ප්‍රකාශයට පත්කර නොමැත.

ඒ අනුව විපක්ෂනායක තනතුර වෙනුවෙන් ඉදිරි දින කිහිපය තුළ එක්සත් ජාතික පක්ෂය තුළ මතවාදයක් නිර්මාණය වෙනු ඇත.

නැවතත් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව ඇත්තේ දෙසැම්බර් 03 දාය. මේ අතර පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු පිළිබඳව තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවද හෙට දිනයේදී රැස්වීමට නියමිතව තිබේ.

Related posts

අනියම් බිරියන් සහ කෝටි ගණන් මුදල් අතර පැටලුනු වාමාංශික දේශපාලනයේ අලුත්ම අභිරහස

colombotoday

විජයකලා නිදහස් කරන්න නියෝග

Admin

ගණිකා නිවාසයක් වටලා කතුන් 08ක් අල්ලයි

colombotoday

බලය බෙදීම ගැන ජනාධිපතිවරයාගේ අභියෝගය මහජන රාජ්‍ය සභාව භාර ගනී

colombotoday

ඇලෝසියස්ට-පලිසේනට ඇප නොලැබෙයි.. මාර්තු 15 දක්වා රිමාන්ඩ්

colombotoday

නාමල් රාජපක්ෂට එරෙහි මනි ලොන්ඩරිං නඩුවක් වැඩිදුර විභාගයට දින නියම වෙයි

colombotoday