Colombo Today Local News

වාලම්පුරියක් ඇතුළු ඉපැරණි ද්‍රව්‍ය මිල දි ගැනිමට පැමිණි මන්ත්‍රිවරයෙකු ඇතුළු තුනක් අත්අඩංගුවට

වාලම්පුරියක් ඇතුළු ඉපැරණි මුදල් කාසි, ඉපැරණි ඉලෙක්ට්‍රොනික් උපකරණ,ඉපැරණි පිලිම මිල දි ගැනිමට පැමිණියේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සිතාවකපුර ප්‍රාදේශිය සභාවේ ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරයෙකු ඇතුළු තවත් තිදෙනෙක් හැටන් පොලිසියේ අපරාධ විමර්ෂණ අංශයේ නිලධාරින් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන් ප්‍රදේශයට පැමිණ එම භාණ්ඩ මිල දි ගැනිමට පිරිසක් සමග සාකච්ඡා කර ඇති බවට ලද තොරතුරක් මත හැටන් පොලිසියේ අපරාධ විමර්ෂණ අංශයේ නිලධාරින් විසින් 21 දින රාත්‍රි 8.30 ට පමණ හැටන් පැති විදියේ දි සැකකරුවන් සහ ඔහුන් පැමිණි කුඩා වැන් රථය පොලිස් භාරයට ගෙන ඇත.

සැකකරුවන් අත්අඩංගුවට ගෙන පරික්ෂා කිරිමේදි ඔහුන්ගේ ජංගම දුරකතණයේ වට්ස්ඇප් සමාජ මාධ්‍යය හරහා එම ඉපැරණි භාණ්ඩ වල ඡායාරුප හුවමාරු වි ඇති බවත්, එම භාණ්ඩ සදහා විශාල වටිනාකමක් ඇති බවට එම සැකකරුවන්ගේ දුරකථන වල වට්ස්ඇප් සමාජ මාධ්‍යය ඔස්සේ හුවමාර වි ඇති බවයි හැටන් පොලිසියේ අපරාධ විමර්ෂණ අංශයේ නිලධාරින් විසින් කරන ලද මුලික විමර්ෂණ වලදි අනාවරණය වි ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් තොරතුරු වසන් කරන බවත්, එම සැකකරුවන් අව්ස්සාවේල්ල, හපුතලේ, ඕහිය, වටවල යන ප්‍රදේශවල පදිංචි 25 , 26 , 27, 48 යන වයස් කාණ්ඩවල පසුවන අය බව හැටන් පොලිසිය පැවසිය.

Related posts

රාජ්‍ය සංස්ථා-මණ්ඩල වලට පත්කරන්නේ වෘත්තීය සුදුසුකම් ඇත්නම් පමණයි. ජනාධිපති කියයි

colombotoday

ගෝඨාභය රාජපක්ෂ මිනීමරුවාට ඡන්දය දෙන්න එපා – එක්නැළිගොඩ බිරිඳ ඉල්ලයි

colombotoday

කොළඹ සිට ඩකා නුවරට මගී ප්‍රවාහන බෝට්ටු සේවයක්

colombotoday

විමල්ගේ නිවසින් මල සිරුරක් මතුවේ

colombotoday

යතුරු පැදිය ට්‍රැක්ටරයක ගැටී යුවළක් මරුට

colombotoday

බදුර්දීන්ට පක්ෂව මාධ්‍ය සාකච්ඡා පවත්වා ගැනීමට වන්නියේ පන්සල් පුරා ඇවිදිති

colombotoday