Colombo Today Local News

වසර තුනක සිරදඬුවම් නියම වූ හිරුණිකාට සති තුනකට පසු ඇප

බරපතළ වැඩසහිත වසර තුනක සිරදඬුවම් නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇප මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබෙනවා.

කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා විසින් මෙම තීන්දුව ලබා දුන්නා.

2015 වසරේ දෙසැම්බර් 21 වනදා දෙමටගොඩ ප්‍රදේශයේ වෙළෙඳසැලක සේවය කළ අමිල ප්‍රියංක නැමති තරුණයකු කළු පැහැති ඩිෆෙන්ඩර් රථයකින් පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා පහරදීම ඇතුළු චෝදනා 18කට වරදකාරිය කෙරුණු හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩසහිත වසර තුනක සිර දඬුවම් හා රුපියල් තුන් ලක්ෂ හැටදහසක දඩයක්ද නියම කරනු ලැබීය.

එම දඬුවම්වලට එරෙහිව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇපෑලක් ඉදිරිපත්කර ඇති බැවින් ඇයව ඇප මත මුදාහරින ලෙස ඇයගේ නීතිඥවරු විසින් කළ ඇප ඉල්ලීමකට අනුව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

Related posts

ඛණිජ තෙල් ආනයනයෙන් ඉතිරි වූ ඩොලර් බිලියන 7.5 කෝ?

colombotoday

ලංකා රාජ්‍යය දුර්වල කිරීමේ බටහිර කුමන්ත්‍රණයේ ඒජන්තයා කවුද ? – ගම්මන්පිල හෙළිකරයි

colombotoday

“අපේ මිතුදම ගැන අන්තවාදීන් වැරදි කතා කියනව” ජනපති සිරිසේන ඉන්දීය අගමැති මෝදිට කියයි

colombotoday

කතරගම 400ක් ගිනි පාගයි

colombotoday

ගාල්ල තැපැල් කාර්යාලය වැසේ

colombotoday

මැයි 11 කොළඹ එන අයට නව රෙගුලාසි

colombotoday