Colombo Today Local News

වට ප්‍රමාණය අනුව පොල් අලෙවි නොකළ වෙළෙදුන් 56කට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග

රජයේ නියමයන්ට පටහැනිව පොල් අලෙවි කළ වෙළෙදුන් 56කට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.

එම අධිකාරියේ නිලධාරීන් දිවයින පුරා සිදුකළ වැටලීම්වලදී අදාළ වෙළඳුන් හඳුනාගෙන ඇති බව වාර්තා වේ.

පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් පොල් ගෙඩියක් අලෙවි කළ හැකි උපරිම මිලක් දක්වමින් පසුගිය 25 වනදා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබුණි.

එහිදී පොල්ගෙඩියක් සඳහා උපරිම මිල තීරණය කර ඇත්තේ එහි වට ප්‍රමාණය අනුවය.

වට ප්‍රමාණය අඟල් 13ට වැඩි පොල් ගෙඩියක් අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල වන්නේ රුපියල් 70කි.

වට ප්‍රමාණය අඟල් 12-13 අතර වන පොල් ගෙඩියක් අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල වන්නේ රුපියල් 65කි.

වට ප්‍රමාණය අඟල් 12ට අඩු පොල් ගෙඩියක් රුපියල් 60කට අලෙවි කළ යුතුය.

Related posts

වාර විභාග ප්‍රශ්න පත්‍ර පිටවීම නිසා විශේෂ සාකච්ඡාවක්

Admin

උද්ධමන දර්ශකයේ ශ්‍රී ලංකාව තුන්වෙනි ස්ථානයට

colombotoday

රනිල් එක්ක මහින්ද ආපහු එනවා

colombotoday

තොටළග කුඩු සඳා අත්අඩංගුවට

colombotoday

සියලු වාණිජ ගුවන් යානා සදහා ජනවාරි 22ක සිට ගුවන්තොටුපොළ විවෘත කිරීමේ තීරණයක්

colombotoday

කුඩා රාවණා පරයේ අනතුරට පත් නෞකාවේ බඳ කොටසට හානි

colombotoday