2 April 2025
Colombo Today Local News

ලන්ඩන් කොටින්ට ශ්‍රී ලාංකිය අභිමානය පෙන්වූ බ්‍රිගේඩියර් ප්‍රියංක වෙස්ට්මිනිස්ටර් අධිකරණය වරදකරු කරයි

රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ වරදකරු බවට තීන්දු කර තිබේ.

2018 වසරේ පෙබරවාරි 04 වැනිදා පැවැති 70 වැනි නිදහස් සමරු උළෙලට විරෝධය පෑ උද්ඝෝෂකයාන්ට අතින් සංඥාකරමින් තර්ජනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එවකට එම මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශකවරයා ලෙස සේවය කළ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට එරෙහිව ගොනු කරන ලද නඩුවේ අවසන් තීන්දුව අද මෙලෙස ප්‍රකාශයට පත්කෙරිණ.

මහජන සාමය පනත උල්ලංඝනය කිරීමේ වරද වෙනුවෙන් පවුම් 2400 ක දඩ මුදලක් ගෙවන ලෙස ඔහුට අධිකරණය නියෝග කර ඇත.

ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යංශය විසින් කරන ලද ඉල්ලීම් නොතකා බ්‍රිගේඩියර් ප්‍රියංකා ප්‍රනාන්දු “රාජ්‍ය තාන්ත්‍රික මුක්තියෙන් ආරක්ෂා නොවන” බවට මීට පෙර දුන් තීන්දුවක් වෙස්ට්මිනිස්ටර් මහේස්ත්‍රාත් අධිකරණය විසින් තහවුරු කරන ලදී.

“2018 පෙබරවාරි 4 වන දින ඔහු ගෙල සිඳලන ඉරියව්ව සිදු කළ බවට මට කිසිදු සැකයක් නැත” ප්‍රධාන මහේස්ත්‍රාත් එමා අර්බුට්නොට් අද දින සිය තීන්දුවේදී පැවසුවාය.

මීට පෙර අවස්ථාවක බ්‍රිගේඩියර්වරයාට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කෙරුණද බ්‍රිතාන්‍යයේ විදේශ අමාත්‍යාංශය සහ මහේස්ත්‍රාත් අධිකරණ කාර්යමණ්ඩලය අතර ඇති වූ ප්‍රමාද දෝෂයක් හේතුවෙන් එම අධිකරණ වරෙන්තුව අවලංගු කෙරිණි.

පසුව මෙම නඩුව තම භාරය යටතට ගත් මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන මහේස්ත්‍රාත් එමා අර්බත්නෝට් මහත්මිය නඩුව නැවත මුල සිට කැඳවීමට තීරණය කළාය.

අවස්ථා කිහිපයකදීම මෙම නඩුව කල් දැමුණි.

එමෙන්ම එම සාක්ෂි විභාගය පැවැත්වෙන අතරතුර අධිකරණයෙන් පිටත ඊළාම් හිතවාදීන් සහ කොටි හිතවාදීන් පිරිසක් විසින් විරෝධතා ව්‍යාපාරයක්ද දියත් කර තිබිණි.

Related posts

ප්‍රංශ දූත පිරිසක් විදේශ ඇමති හමු වෙයි

colombotoday

මහින්ද මගුල් කිව්වේ ඩීල් දාන අයට ! මගුලට ගිය එජාප ලොක්කන්ට රන්ජන්ගෙන් දොස්මුරයක්

colombotoday

“මේ දෙක විතරයි ඉතුරු” – සරම උස්සා ඇමති සාගලට යමක් පෙන්වූ අයෙකුට වැඩ වරදී !!

colombotoday

ප්‍රධාන සමාගම් දෙකක් අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල තවමත් අඩු කර නැහැ

Admin

පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා නම් කිරීම අගොස්තු 11… ගෝඨා ට වෙන දේ මෙන්න

colombotoday

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිත ගණන 120 දක්වා ඉහළට

colombotoday