Colombo Today Local News

ලංකා බැංකුව-මහජන බැංකුව කොටස් වෙළදපොලේ දමා විකිණීමට සැරසේ…

ලංකා බැංකුව හා මහජන බැංකුව කොටස් වෙළඳපොලේ දමා විකිණීමට ආණ්ඩුව විසින් සැලසුම් කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පක්ෂ මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවේ දී කියා සිටියේ මත්තල ගුවන් තොටුපොළ විකුණා දැමීම සඳහා අවශ්‍ය වන අනපනත් මේ වන විට කඩිමුඩියේ සකසමින් ඇති බවයි.

ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය විකුණා දැමීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇති බවත් ටෙලිකොම් ආයතනයේ තවත් 10%ක කොටස් කොටස් වෙළඳපොළ වෙත මුදා හැරීමටත් ආණ්ඩුව තීරණය කර ඇතැයි මන්ත්‍රීවරයා කියා සිටියේය.

ලංකා හොස්පිටල්ස් ආයතනයේ විකුණා දැමීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩලය තුළ සාකච්ඡාවක් සිදු වෙමින් ඇති බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

සේවක අර්ථසාදක අරමුදලින් මුදල් වෙනුවෙන් කොටස් වෙළඳ පොලේ ආයෝජනය කිරීමට සූදානමක් ඇති බවත් එය ආසියානු සංවර්ධන බැංකුව සමග ඇතිකරගත් එකඟතාවයක් අනුව සිදුවෙමින් පවතින බවත් ඔහු වැඩිදුරටත් පැවසීය

 

Related posts

පෝර්ට් සිටිය හදනවානම් ඉන්දියාවෙන් කොන්දේසි දෙකක්!

colombotoday

නුවරඑළියේ වසන්ත උදානයට ජනතාව කඩා වදිති. (Video)

colombotoday

2016 වසරේ ආර්ථික වර්ධනය 4.4% දක්වා පහත වැටේ

colombotoday

බණ්ඩි පොහොර තවත් සියයට 50කින් අඩු කරන්න කැබිනට් පත්‍රිකාවක්

Admin

“උතුරේ හමුදාව වැඩියි.. එනිසා ජනතාවට නිදහස අඩුයි“ – සම්බන්ධන් අලුත් පදයක් වයයි

colombotoday

පාසල්වල විෂමාචාර නවත්වන්න සමාජ බුද්ධි ඒකකයක්

Admin