Colombo Today Sports News

ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩකයන් බෙදී ගියේ මෙහෙමයි

ලංකා ප‍්‍රිමියර් ලීග් පන්දුවාර විස්ස ක‍්‍රිකට් තරගාවලියේ කණ්ඩායම් සදහා ක‍්‍රීඩකයින් තෝරා ගැනීම ඊයේ රාත‍්‍රියේදී සිදු කෙරුණා. ඒ වීඩියෝ තාක්ෂණය හරහායි.

මේ සදහා කණ්ඩායම් පහේ හිමිකරුවන් සහ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නියෝජිතයින් එක් වුණා. ඒ අනුව පළමුව සිදු කෙරුණේ ලංකා ප‍්‍රිමියර් ලිග් තරගාවලියට එක්වන කණ්ඩායම් 5 සදහා ප‍්‍රධාන ක‍්‍රීඩකයින් පස්දෙනා තෝරා ගැනීමයි. ඇන්ජලෝ මැතිව්ස්, ලසිත් මාලිංග, කුසල් ජනිත්, දසුන් ශානක සහ තිසර පෙරේරායි යන ක‍්‍රීඩකයින් මෙවර ලංකා ප‍්‍රිමියර් ලීග් ක‍්‍රිකට් තරගාවලයේ ප‍්‍රධාන ක‍්‍රිඩකයින් ලෙස තෝරා ගැනුනා.

ඒ අනුව ඇන්ජලෝ මැතිව්ස්, කලම්බෝ ලයන්ස් කණ්ඩායමට නායකත්වය ලබාදෙන අතර එම කණ්ඩායමට කොදෙව් ක‍්‍රිඩක අන්ද්‍රෙ රසල් සහ දකුණු අප‍්‍රිකානු ක‍්‍රීඩක ෆෆ් ඩු ප්ලෙසිස් ඇතුළත්. ඉසුරු උදාන, දිනේෂ් චන්දිමාල්, දුෂ්මන්ත චමීර ද කලම්බෝ ලයන්ස් කණ්ඩායමට ඇතුළත්ව සිටිනවා.

ලසිත් මාලිංග, ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට නායකත්වය ලබාදෙන අතර සහීඞ් අෆ්රිඩි සහ මොහොමඞ් අමීර් ද එම කණ්ඩායමට ඇතුළත්. ධනුෂ්ක ගුණතිලක, භානුක රාජපක්ෂ, අකිල ධනංජය, සහ ෂෙහාන් ජයසූරියද එම කණ්ඩායමට ඇතුළත්ව සිටිනවා.

දසුන් ශානක, දඹුල්ල හෝව්ක්ස් කණ්ඩායමට නායකත්වය ලබාදෙන අතර එම කණ්ඩායමට ඬේවිඞ් මිලර්, කාර්ලොස් බ‍්‍රාත්වෙයිට්ද ඇතුළත්. නිරෝෂන් දික්වැල්ල, ඕෂධ ප‍්‍රනාන්දු, උපුල් තරංග සහ ඇන්ජලෝ පෙරේරාද එම කණ්ඩායමට ඇතුළත්ව සිටිනවා.

කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමට නායකත්වය ලබාදෙන්නේ කුසල් ජනිත් පෙරේරායි. එම කණ්ඩායමට ක‍්‍රිස්ගේල්, ලියම් ප්ලන්කට්, සහ වහාබ් රියාස් ද ඇතුළත්ව සිටිනවා. කුසල් මෙන්ඩිස්, අසේල ගුණරත්න, සීක්කුගේ ප‍්‍රසන්න, ඩිල්රුවන් පෙරේරා, කමිදු මෙන්ඩිස්, ලසිත් ඇඹුල්දෙණියද එම කණ්ඩායමට ඇතුළත්.

තිසර පෙරේරා, ජෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට නායකත්වය ලබාදෙන අතර ඬේවිඞ් මිලන්, ෂොයිබ් මලික්, අසිෆ් අලි ද එම කණ්ඩායමට ඇතුළත්ව සිටිනවා. වනිදු හසරංග, ධනංජය ද සිල්වා, මිනෝද් භානුක, චතුරංගද සිල්වා, චරිත් අසලංක, සුරංග ලක්මාල් සහ අවිශ්ක ප‍්‍රනාන්දු ද එම කණ්ඩායමට ඇතුළත්.

ලංකා ප‍්‍රිමියර් ලීග් ක‍්‍රිකට් තරගාවලිය නොවැම්බර් මස 21 වනදා ආරම්භ වන අතර තරග පැවැත්වෙන්නේ පල්ලෙකැලේ සහ හම්බන්තොටදියි.

Related posts

රුසියාවට වසර හතරක ක්‍රීඩා තහනමක්

colombotoday

අවුරුදු 25ට අඩු ලෝක ටෙස්ට් කණ්ඩායමට කුසල් මෙන්ඩිස්ව නම් කරයි

colombotoday

2022 පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල හෙට ඇරඹේ‍‍

colombotoday

T10 ලීගයේ දූෂණ චෝදනා මත නුවන් සොයිසාට සහ අවිෂ්ක ගුණවර්ධනට ක්‍රිකට් තහනමක්.

colombotoday

චමින්ද වාස් තවත් තනතුරක් අතහරී.. 26ට පසු කිසිම සහයක් ශ්‍රී ලංකා ක්‍රිකට්වලට නෑ

colombotoday

ICC පන්දු යැවීමේ ශ්‍රේණිගත කිරීම්වලින් වනිදු පෙරට පැමිණෙයි.

colombotoday