Uncategorized

ලංකාවටම කුඩු බෙදෙන මධ්‍යස්ථානය වටලයි.. කෝටි 440ක් කුඩු සමග බංගලි දෙන්නෙක් දැලේ..

රුපියල් කෝටි 440 කට අධික වටිනාකමින් යුත් මත් කුඩු කිලෝග‍්‍රෑම් 275 ක් සමග බංග්ලාදේශ ජාතිකයන් දෙදෙනකු දෙහිවල, කව්ඩාන පාරේ සුපිරි දෙමහල් නිවසකදී අත්අඩංගුවට ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය සමත් විය.

 මෙම සුපිරි දෙමහල් නිවස මොවුන් ලංකාවටම මත් කුඩු බෙදාහරින ප්‍රධානතම ගබඩාව ලෙස භාවිත කර ඇතැයි හෙළිවූ බව ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරියෙක්‌ ‘දිවයින’ට පැවසීය.

 ලංකාවේ මෙතෙක්‌ හමුවූ විශාලතම මත් කුඩු තොගය මෙය බවද එම නිලධාරියා කීවේය.

 මොවුන් මෙම මත් කුඩු ඇෆ්ගනිස්‌ථානයේ සිට නැව් මගින් සහ ගුවන් මගින් ගෙන්වා පසුව වාහන වලින් සුපිරි දෙමහල් නිවසට රැගෙනවිත් ගබඩා කර ඇතැයි හෙළිවූ බවද එම නිලධාරියා කියා සිටියේය.

 මාස කීපයක සිට කුලී පදනම මත මේ නිවසේ හිඳිමින් ඔවුන් මෙම මහා පරිමාණ මත් කුඩු ජාවාරමේ නියෑළී ඇතැයි හෙළිවූ බවද මත් කුඩු ජාවාරමෙන් උපයාගත් මුදල්වලින් මෙම බංග්ලාදේශ ජාතිකයන් දෙදෙනා කොළඹ සුපිරි නිවාස හා ගොඩනැඟිලි පවා මිලදී ගෙන ධනවතුන් බවට පත්ව ඇතැයි හෙළිවූ බවද හෙතෙම සඳහන් කළේය.

 අවුරුදු 35 හා 38 වයසේ පසුවන මෙම බංග්ලාදේශ ජාතිකයන් දෙදෙනාගෙන් තවදුරටත් ප්‍රශ්න කරගෙන යන බවද අත්අඩංගුවට ගත් මත් කුඩු තොගය තවදුරටත් කිරමින් සිටින බවද එම නිලධාරියා කියා සිටියේය.

 පොලිස්‌ මත් ද්‍රව්‍ය කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්‌පති සජීව මැදවත්ත මහතාගේ අධීක්‍ෂණය යටතේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි ධනපාල, ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක ධර්මප්‍රිය, පොලිස්‌ පරීක්‍ෂක කේ. ඒ. ප්‍රේමලාල් යන මහත්වරුන් සහ පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති එම්. ආර්. ලතීෆ් මහතාගේ අධීක්‍ෂණය යටතේ එම බළකායේ නිලධාරීන් කණ්‌ඩායමක්‌ එක්‌ව මෙම වැටලීම සිදුකර ඇත.

දිවයින

Related posts

ගංජා ගැන පොත් ලියු කර්තෘ කතරගම දේවාල බිමේ ගංජා වවල මාට්ටු

colombotoday

ගුරුකන්ද නාහිමි ආදාහනය ගැන අධිකරණ විභාගය ඇරඹෙයි… ඥාණසාර හිමිත් මුලතිව් අධිකරණයට…

colombotoday

පෙබරවාරි 04ට පෙර ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට ගේනවා – TNA යුරෝපා සංගමයට දන්වයි

colombotoday

ඔබාමාට පණ නෑ… ISIS ත්‍රස්වාදීන් විනාශ කරන්න ප්‍රබල නායකත්වයක් ඕනෑ – ඇන්ජලීනා ජොලීගෙන් ඔබාමාට දෝස් මුරයක්

colombotoday

රටෙන් පනින රටවැසියන්

Admin

නාවික හමුදාධිපති අගමැති හමුවෙයි

colombotoday