World

රුසියාවට ගුවන්යානා ඇතුළුවීම-පිටවීම තහනම්

රුසියානු ජාතිකයන් රැගෙන විදේශයන්හි සිට පැමිණෙන ගුවන් යානා හැර වෙනත් කිසිදු ගුවන් යානයකට හෙට (27) මධ්‍යම රාත්‍රියේ සිට රට තුළට ඇතුළුවීමට හෝ පිටවීමට ඉඩනොදෙන බව රුසියානු රජය ප්‍රකාශ කරයි.

ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමට රුසියානු රජය පියවර රැසක් ගෙන ඇති විශේෂ නියෝග ද නිකුත් කර ඇත.
ජාත්‍යන්තර ගුවන් යානාවලට රටට ඇතුළුවීමට හෝ පිටවීමට ඉඩ නොදෙන්නේ ද එම ක්‍රියාමාර්ගවලට අනුවය.

කෙසේ නමුත් විදෙස් ගතව සිටින රුසියානු ජාතිකයන් මුදාගෙන පැමිණෙන විශේෂ ගුවන් යානාවලට රටතුළට පැමිණීමට ඉඩදෙන බවද රුසියානු රජය සඳහන් කළේය.

මෙම තහනම රට තුළ ක්‍රියාත්මක අභ්‍යන්තර ගුවන් සේවා සහ යානා සඳහා අදාළ නොවන බව රුසියානු සිවිල් ගුවන් සේවා ආයතනය සඳහන් කළේය.

ඒ අනුව හෙට මධ්‍යම රාත්‍රියේ සිට රුසියානු රජයේ අවසර හිමි ගුවන් යානා හැර අනෙකුත් කිසිදු ගුවන්යානයකට රුසියාවට ඇතුළුවීමට හෝ පිටවීමට නොහැක.

විවිධ රටවල් පනවා ඇති සීමා නිසා එම රටවල සිර වී සිටින රුසියානු ජාතිකයන්ගෙන් සිටින ස්ථානවලට වී ආරක්ෂිතව සිටින්නැයි ද රුසියානු රජය ඉල්ලීමක් කළේය.
රුසියානු ජාතිකයන් නැවත ගෙන්වා ගැනීම සඳහා අදාළ මුදල් වෙන් කරන්නැයි ද නව නියෝගවලින් මුදල් අමාත්‍යාංශයට උපදෙස් දී ඇත.

අද වනවිට රුසියාවෙන් කොරෝනා ආසාදිතයන් 658 දෙනකු වාර්තා වී ඇති අතර බදාදා පස්වරු වනවිට මරණ දෙකක් වාර්තා විය. විදේශිකයන්ට සිය දේශසීමා වසා දැමීමට ද රුසියාව පසුගිය සතියේදී පියවර ගත්තේය.

යුරෝපා සංගමයට අයත් රටවලට ගමන් ගන්නා ගුවන් යානා සීමා කිරීමට ද රුසියාව මේ මස මුලදී පියවර ගත්තේය.

Related posts

ආනයනය කළ කුකුල් මස් සහ ඉස්සන් මත තිබි කොරෝනා වෛරසය හමුවූ බව චීන බලධාරින් කියයි

colombotoday

ඉන්දියාවේ බෞද්ධයන් වැඩියෙන් වෙසෙන “ලඩක්” වෙනම ප්‍රාන්තයක් බවට පත් කෙරේ

colombotoday

රැජිනගේ දේහයට අවසන් ගෞවර දැක්විමට එන රාජ්‍ය නායකයන්ට උපදෙස් මාලාවක්

colombotoday

ඉන්දියාව මැයි 3 දක්වා Lock Down

colombotoday

නව තාක්ෂණය නිර්මාණශීලී වන අයුරු රොබෝ යුවතියක් පාර්ලිමේන්තුවේදී කියයි

colombotoday

ඉස්ලාම් අන්තවාදීන් හානි කළ බුද්ධ ප්‍රතිමාවක් ප්‍රතිස්ථාපනය කෙරේ

colombotoday