Colombo Today Local News

රුපියල් ලක්ෂ 21ක් වංචා කල ගණකාධිකාරිවරයකුට වසර 367ක සිරදඩුවමක්

ව්‍යාජ ලේඛන සකස් කර රුපියල් ලක්ෂ 21කට ආසන්න මුදලක් වංචා කරන ලදැයි ගණකාධිකාරිවරයකුට එරෙහිව පවරා තිබූ නඩුව විභාගයට ගැනීමෙන් පසු අදාළ චෝදනාවන්ට ඔහුව වරදකරු කළ කොළඹ මහාධිකරණ විනිසුරු ශිෂී මහේන්ද්‍රන් මහතා, විත්තිකාර ගණකාධිකාරිවරයාට රුපියල් ලක්ෂ 19ක දඩ මුදලක් සහ වසර 367ක බරපතල වැඩ සහිත සිරදඩුවමක් අද (06)  නියම කළේය.
 
 මෙම විත්තිකරු අධිකරණය මග හැර සිටීම හේතුවෙන් විත්තිකරුට විවෘත වරෙන්තු නිකුත් කළ මහාධිකරණය විත්තිකරුගේ විදෙස් ගමන් තහනම් කිරීමේ නියෝගයක් ද නිකුත් කළේය. එසේම, එම විදෙස් ගමන් තහනම් කිරීමේ නියෝගය ආගමන විගමන පාලකවරයා වෙත සහ බුද්ධි අංශයන් වෙත වහාම දන්වා යවන ලෙසට ද අධිකරණ ප‍්‍රධාන රෙජිස්ට‍්‍රාර්වරයාට නියෝගයක් නිකුත් විණී.
 
 මෙවැනි වරදිකරන අනෙක් විත්කිකරුවන්ට මෙන්ම අනෙක් පුද්ගලයින්ට නැවත මෙවැනි වැරැද්දක් නොකිරීමට ආදර්ශයක් ලෙස මෙලෙස දඩුවම් නියම කරනු ලබන බව සදහන් කළ මහාධිකරණ විනිසුරුවරයා මෙම තීන්දුව ප‍්‍රකාශයට පත් කළේය.
 
 මෙලෙස දඩ, සිරදඩුවම් සහ විවෘත වරෙන්තු නිකුත් වූයේ පුද්ගලික ආයතනයක ගණකාධිකාරීවරයකු වූ හික්කඩුව ලියනගේ නන්දසිරි නැමැත්තාටය.

Related posts

විසා අවලංගු කල ස්කොට්ලන්ත තරුණියගෙන් අධිකරණයට පෙත්සමක්..

colombotoday

කන්ටේනර් තුල සැගව තිබූ මහා පරිමාණ වාහන ජාවාරමක තතු හෙළිවෙයි

colombotoday

නිදහස් කළ හිටපු කොටි සාමාජිකයන් නැවත අත්අඩංගුවට ගන්නවා.. එය සංහිදියාවට බාධාවක්

colombotoday

ජනපතිගෙන් ජපානය ට ඇරයුමක්

Admin

පාස්කු ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් පුද්ගලයින් 237 අත්අඩංගුවේ

colombotoday

පූජා කරන්න ගෙනා බුදු පිළිමවලට මිලියන 3ක බද්දක් ! වරායෙන් නිදහස් කරගන්න බැරිවෙයි, උත්සවය නවතා දමයි !

colombotoday