Colombo Today Local News

රිෂාඩ් බදියුදීන්ට එරෙහි විශ්වාසභංගයට දෙමළ සන්ධානයේ මන්ත්‍රීවරු අටකගේ සහය

කර්මාන්ත හා වාණිජ අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් කථානායකවරයාට බාර දී ඇති විශ්වාසභංග යෝජනවට සහාය පළ කළ යුතු බවට දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු බහුතරයක් බලකර සිටිති.

පාස්කු ඉරිදා සිදුවූ පිපිරවීම්වලට සම්බන්ධ සැකකරුවකු මුදා හැරීම සඳහා යුද හමුදාපතිවරයාට බලපෑම් කිරීම ඇතුළු ත්‍රස්තවාදයට ආධාර අනුබල ලබාදීමේ චෝදානාවන් මත දෙමළ ජාතික සන්ධානය මීට සහාය දැක්විය යුතු බවට බහුතරයකගේ අදහස වී ඇතැයි එම සන්ධානයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.

දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 14න් 8දෙනෙකු පමණ මෙම තීරණයේ පසුවන බවත් ඔවුන්ගේ අදහස් හා යෝජනාවන් සන්ධානයේ නායකත්වය වෙත යොමු කර ඇති බවත් වාර්තා වේ.

එමෙන්ම දෙමළ ජාතික සන්ධානයේ ප්‍රාදේශීය දේශපාලන ධාරාවෙන් ද විශ්වාසභංගයට සහාය විය යුතු බවට බලපෑම් එල්ල වෙමින් පවතී. 

කෙසේ නමුත් විශ්වාසභංග යෝජනාව පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා දෙමළ ජාතික සන්ධානයේ නායකත්වය මේ සතියේ  දී පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම කැඳවීමට සූදානමින් සිටින බවත් එකී සාකච්ඡාවේ දී දෙමළ ජාතික සන්ධානය අවසන් තීරණය ගනු ඇති බවත් එම ප්‍රකාශකයා අවසන් වශයෙන් සඳහන් කර සිටියි.

Related posts

ගෑස් සිලින්ඩරයක මිල රු. 200 – 300 කින් පහතට

colombotoday

“කාබනික හුටපටෙන් මගේ වසර 32ක දේශපාලන ගමන විනාශ වුණා”

colombotoday

දේශීය ආදායම් පනත් කෙටුම්පතට ඡන්ද විමසීම අද

Admin

සාක්ෂි විමසා අවසන්.. අගමැති බැදුම්කර කොමිසමෙන් පිටවෙයි !

colombotoday

පාස්කු ප්‍රහාරකයන්ගේ දෙවන ඉලක්කය දළදා පෙරහැර බව කොමිසමේදී අනාවරණය වෙයි

colombotoday

විදෙස් විනිසුරුවන් සහිත අධිකරණයක් උතුරේ හදන බව විග්නේෂ්වරන් කියයි

colombotoday