Colombo Today Local News

රිෂාඩ් අත්අඩංගුවට ගැනීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් නීතිපති CID ප්‍රධානියා ව කැඳවයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ මහතාට අද (15) දින නීතිපතිවරයාගේ නිල කාර්යාලය වෙත කැඳවා තිබේ.

ඒ, හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ව අත්අඩංගුවට ගැනීම ප්‍රමාදවීම සම්බන්ධයෙන් කරුණු විමසීමට බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය පැවසුවාය.

එහිදී නීතිපතිවරයා උපදෙස් ලබා දී ඇත්තේ පොලිස් දෙපාර්තමේන්තුව කෙරෙහි මහජන විශ්වාසය නැතිවන අන්දමින් නොව ඇතිවන අන්දමින් කටයුතු කරන ලෙසය.

නිශාරා ජයරත්න මෙනවිය එම හමුව පිළිබඳ ව විස්තර කරමින් පැවසුවේ, “හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් යන අයව අත්අඩංගුවට ගැනීම ප්‍රමාදවීම සම්බන්ධයෙන් කරුණු විමසීමට නීතිපතිතුමා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ යන අයව අද දින කැඳවීමක් සිදු කළා. එම අවස්ථාවේදී නීතිපතිතුමා විසින් සඳහන් කරන ලද්දේ නීතියේ ආධිපත්‍ය රැක ගනිමින් කටයුතු කරන ලෙසටත් පොලිස් දෙපාර්තමේන්තුව කෙරෙහි මහජන විශ්වාසය නැතිවන අන්දමින් නොව ඇතිවන අන්දමින් කටයුතු කරන ලෙසටත් උපදෙස් ලබා දුන්නා. එසේම නීතිපති උපදෙස් හා අධිකරණ නියෝග හෑල්ලුවට ලක් නොකර අප්‍රමාදව කටයුතු කරන ලෙසටත් වැඩිදුරටත් සඳහන් කළා. තවද නීතියෙන් අවශ්‍ය පුද්ගලයින්ට රැකවරණය ලබාදෙන පුද්ගලයින් නීතියේ රැහැනට ගෙන ඒමට කටයුතු කරන ලෙසටත් උපදෙස් ලබා දුන්නා. තවද යුක්තිය ප්‍රමාදවීම යුක්තිය අහිමිවීමට තුඩුදෙන කරුණක් බවට වැඩිදුරටත් උපදෙස් ලබාදීමක් සිදුකළා.” යනුවෙනි.

Related posts

බඩු මිල අඩු කරන්න බොරු ප්‍රාතිහාර විසඳුම් නෑ

colombotoday

“නීතිය බූරුවෙක්ද?“ මහාචාර්ය කාලෝ විමසයි

colombotoday

මැතිවරණ නීති කඩන මන්ත්‍රීන්ට වැඩ වරදි?

colombotoday

මහජන උපයෝගිතා කොමිසමට ඩග්ලස් නානායක්කාර පත්කරයි

Admin

මැතිසබය බලන්න එන අයට වේත්‍රධාරිවරයාගෙන් දැනුම්දීමක්

colombotoday

මහර ගැටුම – විමර්ශන කමිටුවේ වෙනසක්

colombotoday