Colombo Today Local News

රනිල් අසනීප වේ.. කොමිසමෙන් නිහඬව පිටව යයි

එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට හදිසි අසනීප තත්වයක් ඇතිවී තිබේ.

ඔහු ඒ බව සඳහන් කරමින් අද දින කැඳවා තිබූ පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සාක්ෂි විමසන ජනාධිපති කොමිසමෙන් පිටව ගොස් තිබේ.

ඒ හේතුවෙන් ඔහු නැවතත් එළඹෙන 13දා කොමිසම හමුවට සාක්ෂි දීම සදහා කැඳවා ඇත.

අද දිනයේ රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරන ලද්දේ තමන් මුල සිටම එවකට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දුන් බවයි.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ එම කොමිසම හමුවේ සඳහන් කළ පරිදි තමන්ට අග්‍රාමාත්‍යවරයා සහාය දුන්නේ මාස හයක් පමණක් යැයි පැවසූ ප්‍රකාශයට ප්‍රතිචාර ලෙස වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර ඇත.

Related posts

රජය වෙනුවෙන් ගයන්ත මහා නාහිමියන්ගෙන් සමාව ගනී !

colombotoday

මත්තලට එන ගුවන් යානා වලින් වසර දෙකක් යනකන් ගාස්තු අය නොකරයි

colombotoday

නාගහනන්දගෙන් ප්‍රතිශෝධන ‌‌පෙත්සමක්

colombotoday

චීනයේ කෘෂිකාර්මික ප්‍රදර්ශනයට ලංකාවෙි එළවළු, පළතුරුවලට ඉදිරිපත් කරන්නැයි ආරාධනයක්

Admin

පැහැරගත්තා කියන කාලය ඇතුලත ස්විස් එම්බසි සේවිකාව ශානි, කන්දප්පා සහ එජාප ලොක්කෙකු සමග කළ දේ හෙළිවෙය !

colombotoday

අවසරය අවභාවිතයෙන් “මගුල් පොකුරු” ඇතිවීමේ අවධානමක්

colombotoday