Colombo Today Local News

රනිල් අලියාගෙන්, සජිත් දුරකථනයෙන් මැතිවරණ සටනට !

එළඹෙන මහා මැතිවරණයට එක්සත් ජාතික පක්ෂය මුළු මැතිවරණ දිස්ත්‍රික්ක 22 ටම අලියා ලකුණින් තරග කරන බව එම පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා අද මැතිවරණ කොමිෂන් සභාව වෙත ලිඛිතව දැනුම් දුන්නේය.

ඒ එම පක්ෂයේම කණ්ඩායමක් තමන් සමඟි ජන බලවේගය යටතේ මැතිවරණයට ඉදිරිපත් වන බව ප්‍රකාශ කර ඇති පසුබිමකදීයි.

කුමන ලකුණින් ඉදිරි මහ මැතිවරණයට තරග කරන්නේද යන්න පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ රනිල් පාර්ශ්වය සහ සජිත් පාර්ශ්වය අතර පසුගිය සති කිහිපය පුරාම විවාදාත්මක තත්වයක් පැවතුණි.

අලියා ලකුණින් ඉදිරිපත් විය යුතු බවට රනිල් පාර්ශ්වය යෝජනා කරද්දි සජිත් පාර්ශ්වය කියා සිටියේ තම කොන්දේසි වලට අනුමැතිය නොදෙන්නේ නම් සමඟි ජන බලවේගයෙන් ඉදිරිපත් වන බවයි.

දෙපාර්ශ්වය අතර පැවති සාකච්චා අසාර්ථක වෙද්දී එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 04වනදා සිරිකොතදී රැස්වි නාම යෝජනා මණ්ඩලයක් පත්කරගත් අතර සජිත් ප්‍රේමදාස මහතා ඇතුලු පිරිසද සමඟි ජන බලවේගයෙන් කණ්ඩායමක් ඉදිරිපත් කිරීම සඳහා වෙනම නාමයෝජනා මණ්ඩලයක් පත් කළේය.

ඒ අතරතුර රංජිත් මද්දුමබණ්ඩාර මන්ත්‍රීවරයා සමඟි ජන බලවේගය ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව මැතිවරණ කොමිසම වෙත දැනුම්දුන්නේය.

අද එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සිය අත්සනින් යුතු ලිපියක් මැතිවරණ කොමිසම වෙත යවමින් දන්වා සිටියේ එළඹෙන මහා මැතිවරණයට එක්සත් ජාතික පක්ෂය මැතිවරණ දිස්ත්‍රික්ක 22 සඳහාම අලියා ලකුණින් තරග කිරීමට තීරණය කළ බවයි.

මේ අතර අද මාධ්‍ය හමුවකදී සිය අදහස් දක්වමින් සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ප්‍රකාශ කළේ සමගි ජන බලවේගයේ ලකුණ දුරකථනය වන බවත් ඒ පිළිබඳ පුළුල් ප්‍රචාරයක් නොදුන්නේ පොදු ලකුණක් පිළිබඳ එකඟතාවය පල කළ නිසා බවත්ය.

Related posts

මත්තල ගුවන්තොටුපළ ගැන ඉන්දියාව සමග සාකච්ඡා කරනවා….

colombotoday

රජය සතු ‘ලංකා හොස්පිටල්’ විකුණනවානම් ගන්න අපි සූදානම් – හේමාස් කියයි

colombotoday

පාතාල කෙරුමෝ තිදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

colombotoday

කෑම වලට වද බෙහෙත් දමන බව මුස්ලිම් හෝටල් සේවකයා පිළිගනී.. අම්පාර ගිනියම්කළ සිද්ධියේ වීඩියෝව එළියට

colombotoday

අගමැති ඉවත් වෙන්නෑ.. නව ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය ඉදිරියටම යනවා – ලාල් විජේනායක

colombotoday

සතියක් යන්න කලින් සුදු වෑන් එකක් ඇවිල්ලා කාන්තාවකගේ කටට පිස්තෝලේ දැම්මා – රාජිත සේනාරත්න යලි කට අරියි

colombotoday