වැටුනු රට ගොඩගත් රනිල් වික්‍රමසිංහ මහතා යළිත් ජනපති කරලමින් කලගුණ සැලකීමට ජනතාව ඒකරාශී වෙමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා මහතා පැවසීය.
නිමල් ලාන්සා මහතා මෙම අදහස් පළ කර සිටියේ දිවුලපිටිය පැවති උත්සවයකට සහභාගි වෙමිනි.
එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මංත්‍රී නිමල් ලන්සා මහතා ප්‍රකාශ කර සිටියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැටුනු රට ගොඩගත් බවත් රට වැට්ටුවේ කවුද කියන්න රටේම ජනතාව දැන සිටින බවත් රට වැටි ඇති මොහොතේ කවුරුත් නැති වෙද්දි,සජිත් ප්‍රේමදාස, අනුර කුමාර බැහැ කියා පැනලා යද්දි රනිල් වික්‍රමසිංහ මහතා රට භාරගෙන අභියෝගයට මුහුණ දුන් බවත්ය..