Business

රන් බදු ඉවතට

මැණික් සහ ස්වර්ණාභරණ කර්මාන්තකරුවන් උපයන ලාභය මත පනවා ඇති 14%ක ආදායම් බද්ද සහ 15% වූ රත්රණන් ආනයන බද්ද ඉවත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබේ.

1971 වසරේ සිට මැණික් සහ ස්වර්ණාභරණ කර්මාන්තයට දී තිබූ ආදායම් බදු සහනය 2017 වසරේ හඳුන්වාදුන් ආදායම් බදු ප්‍රතිපත්තියෙන් ඉවත් කිරීමට මෙහිදී තීරණය කෙරුණා. මැණික් හා ස්වර්ණාභරණ අපනයනයෙන් උපයන සත්‍ය ආදායම හෙළි නොවන තත්වයක් මේ නිසා උද්ගත විය.

2018 වසරේ දී රත්ත්‍රන් ආනයනය සඳහා 15%ක බද්දක් පනවනු ලැබු අතර ස්වර්ණාභරණ මිල ඉහළ යාමට මේ බදු හේතු වී තිබේ. අදාළ බදු කඩිනමින් ඉවත් කර මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ උන්නතියට පියවර ගත යුතු යැයි ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දෙනු ලැබුවා.

මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව අද (07)දින දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මේ බව පවසා සිටියා.

මැණික් සඳහා වන ලෝක වෙළෙඳපොළේ කේන්ද්‍රය බවට පත්වීමට ශ්‍රී ලංකාවට නොහැකිවීම ආශ්‍රිත ගැටළු නිරාකරණයට රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ ඉදිරිපත් කළ යෝජනා 14ක් පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් විය.

මෙරටදී හමු නොවන ලෝකයේ වෙනත් රටවලට ආවේණික මිල අධික මැණික් ආනයනයට පහසුකම් සැලසීමේ සහ මැණික් සංචිත පවත්වා ගෙන යාමේ වැදගත්කම රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා.

මැණික් කැණීම්බලපත්‍ර නිකුත් කිරීමේ දී සිදුවන ප්‍රමාදයන් වළක්වා ගැනීම සඳහා අදාළ සියලු ආයතන එක් තැනක ස්ථාපනය කරන්නැයි ජනාධිපතිතුමා දැනුම් දී සිටියා. ස්වර්ණාභරණ නිෂ්පාදකයන් සහ සාම්ප්‍රදායික ස්වර්ණාභරණ ශිල්පීන්ට රත්ත්‍රන් මිලදී ගැනීමට රාජ්‍ය බැංකු මගින් 4%ක සහන පොලියක් යටතේ රුපියල් ලක්ෂ 10ක ණය මුදලක් සපයන ලෙස ජනාධිපතිතුමා රාජ්‍ය බැංකුවලට උපදෙස් ලබා දුන්නා.

වතු සමාගම්වලට අයත් මැණික් ඉල්ලම් සහිත වගා නොකළ ඉඩම් මැණික් කර්මාන්තයට නිදහස් කර ගැනීමට ඇති බාධක ඉවත් කර කැණීම් සඳහා පවරා ගැනීමට තීරණය කරනු ලැබුවා. රත්නපුර, දෙමුවාවත ඉදිකිරීමට සැලසුම් කර ඇති මැණික් අළෙවි සංකීර්ණයේ සහ පුහුණු මධ්‍යස්ථානයේ වැඩ කඩිනම් කරන ලෙස ජනාධිපතිතුමා උපදෙස් ලබා දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර සිටියේ.

Related posts

ඇමෙරිකානු ඩොලරය රු 190.61 දක්වා ඉහලට

colombotoday

තවත් බිලියන 400ක ණයක් ගන්න පාර්ලිමේන්තුවේ අනුමැතිය

colombotoday

TalkTalk හැකර් කරුවන්ගේ ග්‍රහණයට, මිලියන 4ක් බැංකු ගිණුම් අවදානමේ – මුස්ලිම් අන්තවාදීන්ට චෝදනා

colombotoday

පෙට්‍රල් නෞකාවේ තොග ගොඩබෑම අද ඇරඹේ

colombotoday

මයික්‍රෝ පැන්ඩා ඔටෝමැටික්‌ දැන් වෙළෙඳපොළේ…

colombotoday

අල සහ ලූනු රු. 20 කින් ඉහලට

colombotoday