Colombo Today Local News

රට, දැය, සසුන රකින්න, තුණුරුවන් වැදල ගිහින් ගෝඨාභයට ඡන්දය දෙන්න – බොදුණුවන් පිරිවරා ඤාණානන්ද හිමියෝ ජාතියෙන් ඉල්ලති

රටේ ජාතියේ, සසුනේ ආරක්ෂාව උදෙසා ගෝඨාභය රාජපක්ෂ මහතා රටේ නායකත්වයට පත්කළ යුතු බව පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියෝ පවසති.

කිරිබත්ගොඩ ඥානානන්ද හිමියන් ඇතුළු සමස්ථ මහමෙව්නාව භාවනා අසපු සංචිතය මෙවර ජනාධිපතිවරණයේ දී තම සහයෝගය ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබා දීමට ගත් තීරණය පසුගිය දා මහාවංශාභිමානී කෘතිය එළි දැක්වීමේ මහා සමුළුවේ දී ප්‍රකාශයට පත්කෙරිණි.

කිරිබත්ගොඩ හිමියන් හෝ මහමෙව්නාව අසපු සංචිතය මෙතෙක් දේශපාලන කරුණු වල දී ඍජුව මැදිහත් වනු දක්නට නොලැබුණු අතර මෙවර මැතිවරණයේ දී බුද්ධ ශාසනයේ අනාගතය වෙනුවෙන් තමන් වහන්සේ මෙම තීරණය ගත් බව එම හිමියන් සඳහන් කරති.

උන්වහන්සේ මේ වන විට බෞද්ධ ගුරු හිමි නමකට සිටින වැඩිම ශිෂ්‍ය පිරිස වන 1000 ට අධික සඟ පිරිසකට අනුශාසනා කරන අතර උන්වහන්සේ සමඟ ලක්ෂ සඛ්‍යාත ගිහි දායක පිරිසක් ද සිටී.

දේශීය සහ විදේශීය වශයෙන් අසපු ශාඛා 100 ට ආසන්න ප්‍රමාණයක් උන්වහන්සේ යටතේ පැවතීම සහ උන්වහන්සේ සිදු කරන වාර්ෂික පින්කම් වල දී ලක්ෂ 4ක පමණ සැදැහැවතුන් පිරිසක් උන්වහන්සේ සමඟ එකතු වන නිසා උන්වහන්සේ ගේ මෙම තීරණය මෙවර ජනාධිපතිවරණයේ දී තීරණාත්මක සාධකයක් වනු ඇත.

පසුගියදා එක්තරා හිමිනමක් සජිත් ප්‍රේමාදාස මහතාගේ වේදිකාවේ අදහස් දක්වමින් කියා සිටියේ ගෝටාභයගේ අධාරකරුවන්ට අරක්කු කසිප්පු බොන්නට දී ඡන්දය දැමීම වැළැක්විය යුතු බවයි.

කිරිබත්ගොඩ ඥාණානන්ද හිමියන් පැවසුවේ තමන් වහන්සේලා අනුශාසනා කරන්නේ බීමත්කමෙන් වැළකී තුණුරුවන් වැද ගෝඨාභය රාජපක්ෂ මහතා දිනවීමට ඡන්දය භාවිතා කරන ලෙස බවයි.

Related posts

ඇමරිකා යුධ අපරාධ විශේෂඥයෙක් විග්නේශ්වරන් හමුවේ.. සංහිදියාව ගැන සාකච්ඡා !

colombotoday

ගෝල්ෆේස් අරගල භූමියේ තිබී හමුවූ බව කියන උණ්ඩ 30 ක් සමග අයෙක් අත්අඩංගුවට

colombotoday

දරුවන් වෙනුවෙන් ආදිවාසි නායකයා ජනපතිගෙන් සහ අගමැතිගෙන් සිදුකල ඉල්ලීම

colombotoday

මගේ ඥාතීන්ට, හිතවතුන්ට හෝ ආධාරකරුවන්ට ණය දෙන්නැයි මා කිසි විටෙක බැංකු වලට කියා නෑ

colombotoday

නාවික නිලධාරීන් දෙදෙනෙක් රිමාන්ඩ්…

colombotoday

ප්‍රකාශය වහාම නිවැරදි කළ යුතුයි.. ජනපති වැඩ කළ යුත්තේ අපි කියන විදිහටයි

colombotoday