Colombo Today Local News

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් රතු එළියක්

අත්‍යාවශ්‍ය ඖෂධ හා අත්‍යාවශ්‍ය උපකරණ නොමැති පසුබිමක සෞඛ්‍ය සේවාව අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ගැසට් නිවේදන නිකුත් කිරීමට රජය කටයුතු කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.

අත්‍යාවශ්‍ය ඖෂධ හිඟයක් ඇති විය හැකි බවට මීට පෙර සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු බලධාරින් දැනුවත් කළ ද ඊට ඔවුන් විසින් නිසි පියවර නොගත් බව එම සංගමයේ වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා පැවසුවේය.

රජයකට තියෙන මුලික වගකීමක් තමා ජනතාවගේ ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීම. ඒ වගේම ජනතාවට සෞඛ්‍ය සඳහා තියෙන මුලික අයිතිවාසිකම තහවුරු කිරීම. ඒ වගේම ජනතාවට අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තහවුරු කිරීම. මේ සියලුම මුලික අයිතිවාසිකම් මේ රජය සපුරාලන්න රජය අසමත් වේගෙන එනවා. රටේ බෙහෙත් නැත්නම් අත්‍යාවශ්‍ය ඖෂධ නැත්නම්, අත්‍යාවශ්‍ය උපකරණ නැත්නම්, ශෛල්‍යකර්ම කරන්න අවශ්‍ය උපකරණ නැත්නම්, අත්‍යාවශ්‍ය සෞඛ්‍ය සේවාවක් පවත්වාගෙන යන්න බැහැ. නමුත් අපි දැක්කා රජය ඒ සඳහා අවශ්‍ය අත්‍යාවශ්‍ය සෞඛ්‍ය උපකරණ, ඖෂධ ලබානොදුන්නට වෘත්තීය සමිති මර්දනය කරන්න අත්‍යාවශ්‍ය සේවා කරලා සෞඛ්‍ය සේවාව ගැසට් මඟින් ප්‍රකාශයට පත් කළා. රජයක් සෞඛ්‍ය සේවාව අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස හඳුනාගෙන ගැසට් පත්‍රයක් ගහනවා නම් රජයට පුළුවන් වෙන්න ඕනේ අත්‍යාවශ්‍ය දේවල් තියෙන බව තහවුරු කරන්න.” යනුවෙන් ඔහු වැඩිදුරටත් පවසයි

Related posts

චාවා බෝම්බ සිද්ධියට.. මහ කොටියා රැක්ක චාල්ස් ඇන්තනී බලකායේ අණ දෙන්නා අත්අඩංගුවට

colombotoday

ධනවත් කටාර් ජාතිකයෝ ලොවපුරා ඉස්ලාම් ව්‍යාප්තවාදයට, වහාබ්වාදයට යහමින් මුදල් වියදම් කරන හැටි මෙන්න

colombotoday

ඉන්දීය විදේශ ලේකම් ජනපති හමුවෙයි

colombotoday

අයවැයෙන් පසු ඇමැති මණ්‌ඩලය විද්‍යානුකූලව යළි අනයි ?

colombotoday

හමුදා ප්‍රධානීන් FCID කැඳවීම ගැන මම දැනගත්තෙත් මාධ්‍යයෙන්. ඒ ගැන කණගාටුයි.

colombotoday

“පාසල් අගෝස්තුවේ විවෘත කරනවා”

colombotoday