Colombo Today Local News

යුද හමුදාපතිගේ රුව යොදාගත් පොහොට්ටුවේ දැන්වීමට එරෙහිව පැමිණිල්ලක්

දැනට රාජකාරියේ නිරත යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ නම, ඡායාරූපයක්, ප්‍රකාශයක් සහ විශ්‍රාමික හමුදා නිලධාරීන්ගේ නිල ඇඳුම් සහිත ඡායාරූප යොදාගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරය ප්‍රවර්ධනය වන අයුරින් සතිඅන්ත පුවත්පත් රැසක දැන්වීමක් පළ කර තිබීම සම්බන්ධව, කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා විසින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාට ඊයේ (14දා) පැමිණිලි කළේය.

ජනාධිපතිවරණය පැවැත්වෙන කාලසීමාවේ දේශපාලන පක්‍ෂයක ප්‍රවර්ධනය සඳහා ධුර දරන යුද හමුදාපතිවරයා සහ හමුදා නිල ඇඳුම් යොදාගැනීම මගින් මැතිවරණ නීති උල්ලංඝනය වී තිබෙන බව ඒ මහතා පැමිණිල්ල මගින් පෙන්වා දෙයි.

1981 අංක 15 දරන ජනාධිපතිවරයෙකු පත් කර ගැනීමේ පනතේ 78 හා 83 වගන්ති සහ රාජ්‍ය සේවකයන් බැඳීසිටින ආයතන සංග්‍රහයේ විධායක ශ්‍රේණියේ රාජ්‍ය සේවකයෙකුගේ දේශපාලන අයිතිවාසිකම් හා යුතුකම් පිළිබඳ අවධානය යොමුකර මෙම කරුණට අදාළ සියලු පාර්ශ්වයන්ට විරුද්ධව කඩිනම් පියවර ගන්නා ලෙස එමගින් ඉල්ලා තිබේ.

මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිලි කිරීමෙන් අනතුරුව අදහස් දැක්වූ අජිත් පී. පෙරේරා මහතා සඳහන් කළේ, ඊළඟ රජයේ ආරක්‍ෂක ඇමති ධුරය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට ලබාදෙන බව ගාලුමුවදොර රැලියේදී සජිත් ප්‍රේමදාස මහතා සිදුකළ ප්‍රකාශයෙන් පසුව කලබල වූ ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලය විසින් මෙම දැන්වීම පළකර තිබෙන බවයි.

වත්මන් යුද හමුදාපතිවරයා සහ හිටපු හමුදා නිලධාරීන් අපහසුතාවට පත්කරමින් දැන්වීම පළ කර තිබෙන බවත්, මෙවැනි වරදක් කර තිබෙන පුද්ගලයෙකු මැතිවරණයක් ජයග්‍රහණය කළද එම ප්‍රතිඵලය නිෂ්ප්‍රභ කිරීමට නීතියේ ප්‍රතිපාදන තිබෙන බවත් ඇමතිවරයා පැවසීය.

මෙවැනි බාල ගනයේ ක්‍රියාවන් මගින් සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වැළැක්විය නොහැකි බවත්, යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා මෙවැනි කටයුතුවලට සහාය නොදෙන බවත් හෙතෙම වැඩිදුරටත් පවසා සිටියේය.

Related posts

නොරොච්චෝල බලාගාර සේවයකු මහුදට වැටි අතුරුදන්

colombotoday

ශ්‍රීලනිපයෙන් කොළඹට සාලි.. සාලි සමග සටනට එජාපයෙන් රෝසි !

colombotoday

සපුගස්කන්ද පිරිපහදුව අඛණ්ඩව පවත්වාගෙන යන්න දින 15කට වරක් බොරතෙල් නෞකාවක් දිවයිනට

colombotoday

පූටින් මෙන් නිර්භීත, ලී ක්වාන් යූ මෙන් දූරදර්ශී, මහතීර් මොහොමඩ් මෙන් කලමණාකාරී ලක් ඉතිහාසයේ විශිෂ්ඨතම ජනාධිපති අපේක්ෂකයා සූදානම්

colombotoday

රටේ වී ගබඩා පද්ධතිය විනාශ කළ අය හාල් නෑ කියලා අපට බනිනවා

Admin

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය නැති අවදානම් එන්නතක් අපේ රටට ගෙනල්ලා වැඩක් නෑ.

colombotoday