Colombo Today Local News

යුද, නාවික නිල ඇදුම් රෙදි සමඟ ලුණුගලදී මුස්ලිම් අයෙක් අත්අඩංගුවට

පොලිස් විශේෂ කාර්ය බලකාය හා ලුනුගල පොලීසිය විසින් ලුනුගල බටාවත්තේදී කළ සෝදිසි මෙහෙයුමකදී  නාවික හා යුධ හමුදා නිලඇදුම් රෙදි කැබලි තුනක්   ළග තබාගෙන සිටි 41 හැවිරිදි මුස්ලිම් ජාතිකයෙක් අද  (29) දා අත්අඩංගුවට ගත් බව  ඌව දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති ජගත් පළිහක්කාර මහතා පැවසීය .

සැකකරුගේ නිවස සෝදිසියට ලක්කිරිමේදි මෙම රෙදි කැබලිවලට අමතරව විදේශ ගමන් බලපත් 18ක් සහ ජාතික හැදුනුම්පත් 7ක්ද සොයාගෙන තිබේ.

සුලෙයිමන් සියාරක් අලි නැමති මෙම සැකකරුගෙන් වැඩි දුර ප්‍රශ්න කරමින් පවතී.

ඌව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ජගත් පළිහක්කාර සහ බදුල්ල පොලිස් අධිකාරි වසන්ත කන්දෙවත්ත යන මහත්වරුන්ගේ උපදෙස් මත  මඩුල්සිම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි

අද.lk

Related posts

පුංචි ඡන්දයට නාමයෝජනා කැඳවීමේ දැන්වීම අද නිකුත් කෙරේ

Admin

ණය ගෙවීමට ඉතිසයේ වැඩිම මුදල ලබන වසරේ… අයවැය පරතරය පියවීමට රු. බිලියන 1994ක ණයක් ගනී..

colombotoday

බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් මියගිය ගණන 14 දක්වා ඉහළට

colombotoday

සියලු ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ මාර්තු 29 වැනිදා දක්වා නිවාඩු !

colombotoday

මේ රටේ තියෙන්නේ භික්ෂු හමුදාවක් – ඇල්ලේ ගුණවංශ හිමි

colombotoday

මහ කන්නයේ බඩඉරිගු ගොවීන්ට විසිදාහක ආධාරයක් – බීජ හා පොහොරත් නොමිලේ

Admin