Colombo Today Local News

“යහපාලනය ඇතිවී වසරක් ගියත් වංචා දූෂණ අඩුවක් නෑ” – ට්‍රාන්ස්පෙරන්සි ඉන්ටර්නැෂනල් කියයි

corruption

යහපාලනය ඇති වී වසරක් ගෙවී ඇතත් රටේ දූෂණයේ සැලකිය යුතු අඩුවක් සිදු වී නොමැති බව ට්‍රාන්ස්පෙයරන්සි ජාත්‍යන්තරයේ ශ්‍රී ලංකා ශාඛාව ප්‍රකාශ කරයි.

ඔවුන් මේ බව පවසන්නේ ලෝකයේ රටවල් ගණනාවක කළ සමීක්ෂණයකින් ඒ ඒ රටවල දූෂණ හා වංචාවන් සිදු වන ප්‍රමාණය අනුව නිකුත් කර ඇති ලෝක දර්ශකය උපුටා දක්වමිනි.

2015 වසර වෙනුවෙන් නිකුත් වූ එම දර්ශකයේ ලංකාවට හිමි වී ඇත්තේ අසූ තුන් වැනි ස්ථානයයි.

ලකුණු අඩුයි

2014 වසරේ දී අසූ පස් වැනි ස්ථානයේ සිටි ශ්‍රී ලංකාව 2015 දී පියවර දෙකකින් ඉහලට පැමිණ ඇති නමුත් ශ්‍රී ලංකාවට ලැබී ඇති ලකුණු ප්‍රමාණය අඩු වී ඇති බවයි

ට්‍රාන්ස්පෙයරන්සි ඉන්ටනැෂනල් සංවිධානයේ ශ්‍රී ලංකා ශාඛාවේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු ශාන් විජේතුංග බීබීසීයට කියා සිටියේ.

‘මෙවර අපි පියවර දෙකක් ඉදිරියට ඇවිත් තිබෙනවා. නමුත් අපිට ලැබී තියෙන ලකුණු ප්‍රමාණය 38 සිට 37 දක්වා පහත වැටී තියෙනවා. අපව වඩා පහලින් සිටි ඉන්දියාව අප පසු කර ඉදිරියට ගොස් තිබෙනවා.’ ඔහු පැවසීය. සම්පුර්ණ සාකච්ඡාව අමුණා ඇත.

ඩෙන්මාර්කය

දූෂණය අවම රටවල් ලෙස මෙම දර්ශකයේ පිළිවෙළින් සඳහන් වන්නේ ඩෙන්මාර්කය, ෆින්ලන්තය, ස්වීඩනය සහ නවසීලන්තයයි.

සෝමාලියාව දූෂණය වැඩිම රට වන අතර ඊට ඉදිරියෙන් සිටින්නේ උතුරු කොරියාවයි.

ශ්‍රී ලංකා ආණ්ඩුව වියදම් අඩු කර ඇති නමුත් රාජ්‍ය තන්ත්‍රය තුළ නිසි යාන්ත්‍රණයක් ක්‍රියාත්මක නොවීම නිසා දූෂණය අඩු කර ගැනීම අභියෝගයට ලක් වී ඇති බවයි ශාන් විජේතුංග තවදුරටත් පවසන්නේ.

ඉන්දියාව සහ චීනය

‘තොරතුරු දැන ගැනීමේ අයිතිය ගැන කිසිදු නීතියක් නොමැති වීම සහ දූෂණ හෙළි කරන්නන්ට නිසි ආරක්ෂාවක් නොමැති වීම වැනි නිසා ලංකාවේ දූෂණය අවම වෙලා නැහැ. ඉන්දියාව වගේ රටවල් ක්‍රමයෙන් ඒ යාන්ත්‍රණයන් ශක්තිමත් කරමින් ඉන්නවා.’ ඔහු ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවට වඩා පහළින් සිටි චීනය සහ බෙනින් රාජ්‍යය මෙවර එකම ලකුණු ප්‍රමාණය ලබා ගනිමින් සම තත්වයට පත්ව ඇත.

‘චීනය වැනි රටවල ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව විවේචන එල්ල වුනත් දූෂණ මැඩලීම සඳහා 2015 දී යම් යම් පියවර ගෙන ඇති බව මෙයින් පෙනෙනවා.’ ට්‍රාන්ස්පෙයරන්සි ඉන්ටනැෂනල් සංවිධානයේ ශ්‍රී ලංකා ශාඛාවේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු පැවසීය.

කෙසේ නමුත් දූෂණ මැඬලීම සඳහා 2015 දී ජනතාව ඉදිරියට පැමිණ ඇති බව සඳහන් කරමින් මෙම වාර්තාව මගින් ශ්‍රී ලංකාව යම් ඇගයීමකට ලක් කර ඇති බවයි ඔහු පවසන්නේ.

බී බී සී ඇසුරිණි.

Related posts

සයිනොපෙක් පෙට්‍රල් ඩීසල් රුපියල් 3ක් අඩුවෙන් දෙයි

Admin

කුරානයක් සමග (හිමිනමක්) මහරගමදී අල්ලා පොලිසියට බාර දෙයි… කුරානය බිම වැටී (හිමිනම) නොසන්සුන් වෙයි…

colombotoday

පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ තාවකාලික පැවිදි භාවයට

Admin

ජාතියක් ලෙස නැගිටිනවා නම් විනයගරුක තරුණ පරම්පරාවක් බිහි විය යුතුයි – වජිර අබේවර්ධන කියයි

Admin

“අනෙක් ජනවර්ග වලට ආදරය කරන මානසිකත්වයක් අපට නෑ. අපේ නායකයන්ටත් නෑ” – TNA

colombotoday

රත්නපුරයෙන් හමු වූ ලොව විශාලතම මැණික් පොකුර විදෙස් වෙන්දේසියකට සදහා සැලසුම්

colombotoday