Colombo Today Local News

“මොන බාධක ආවත් ජනාධිපතිවරණයට එනවා”

කවුරු කුමක් කීවත්, කුමන බාධා දැම්මත් තමන් මෙවර ජනාධිපතිවරයට අනිවාර්යෙන්ම ඉදිරිපත් වන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

“සජිත්ට දෙන්නේ නැහැ” යනුවෙන් අද ඇතැමුන් භුමිතෙල් ගෑවුණු ගැරඩියන් සේ දඟලන බව කී අමාත්‍යවරයා ජාති, ආගම්, කුල, මළ, පක්ෂ, පාට භේදයෙන් තොරව සියලු දෙනාගේ ආශිර්වාදයෙන් තමන් අපේක්ෂකත්වය ලබා ගන්නවා පමණක් නොව ජනාධිපතිවරණය අනිවාර්යෙන්ම ජය ගන්නා බවත්, මේ එළැඹ තිබෙන්නේ සජිත් ප්‍රේමදාස යුගය බවත් පැවසීය.

පොහොට්ටුවේ ලොකු ඇත්තන්ද “සජිත්ට අපේක්ෂකත්වය ජීවිතයට දෙන්නේ නැහැ” යනුවෙන් රටේ වටේම ප්‍රකාශ කරමින් යන බවත් ඔවුන් එලෙස ප්‍රකාශ කිරීම පුදුම සහගත කාරණාවක් බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

ඇතැමුන් තමන් එනවාට බිය වී ඇති අතර අද ඔවුන්ට “සජිත් ප්‍රේමදාස භීතිය” නමින් චිත්‍රපටියක් වුවත් නිර්මාණය කළ හැකි බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ, වීරකැටිය, මුලන්යාය ප්‍රදේශයේ ඉදිකළ “සතොස්මාතාගම”, “සිරිකතමව්ගම”, “සසිරිමාගම” සහ “සසෙත්මාතාගම” යන උදා ගම්මාන 4 ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට ඊයේ (15) සහභාගි වෙමිනි.

මෙය “සැමට සෙවණ” යළි පිබිදෙන උදා ගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පැවරුණු 283, 284, 285 සහ 286 වන ආදර්ශ ගම්මාන වේ.

Related posts

රැකියා නැති 65කට උපදේශක රැකියා දීම දූෂණයක් නොවේ – ඇමති කිරිඇල්ල

colombotoday

එන වසරේ එජාප – TNA හවුල් ආණ්ඩුවක් !

colombotoday

ලංගමය දිලුම්ට, දුම්රිය සීබී ට…

colombotoday

ගිලෙන නැවේ මීයෝ වගේ එකා දෙන්නා රනිල්ව දාලා යනවා… “බල සුභ නිමිති පෙරමග නැකතටත් වැඩි…” – මුසම්මිල්

colombotoday

මත්තල ගුවන්තොටුපළ ඉන්දියාවට..! ඉවත්වූ CEOගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

colombotoday

“මගේ රතු කට්ට පැන අවසන්.. වෙසක් පෝයෙන් පසු තීරණයක් ගන්නවා“- විජේදාස

colombotoday