Colombo Today Local News

මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කමාන්ඩෝ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී තනතුරට..!

යුද හමුදා මාණ්ඩලික ප‍්‍රධානී මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කමාන්ඩෝ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී ලෙස පත් කර තිබෙනවා.

ඒ, ඔහු මේ වනවිට අණදෙන නිලධාරී ලෙස කටයුතු කරන ගජබා රෙජිමේන්තුවට අමතරවයි. ගණේමුල්ලේ පිහිටි කමාන්ඩෝ රෙජිමේන්තු මූලස්ථානයේදී යුද හමුදා මාණ්ඩලික ප‍්‍රධානී මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අද වැඩ භාරගත්තා. කමාන්ඩෝ රෙජිමේන්තුව මෙරට කි‍්‍රයාශීලි රෙජිමේන්තුව බවට පත් කිරීම තම අරමුණ බවයි ඔහු වැඩභාර ගනිමින් අද ප‍්‍රකාශ කළේ.

කමාන්ඩෝ නිලධාරීන් යනු වෙනත් පුද්ගලයින්ට සිදුකළ නොහැකි කාර්යයන් ඉටු කරන සුවිශේෂි නිලධාරීන් කණ්ඩායමක්. ඉදිරියේදී ජනතාව වෙනුවෙන් තවදුරටත් කැපවීමට කමාන්ඩෝ නිලධාරීන් සූදානම් බවද යුද හමුදා මාණ්ඩලික ප‍්‍රධානී මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මෙහිදී වැඩිදුරටත් සදහන් කළා.

Related posts

රත්‍රං මිල තවත් ඉහළ යයි

Admin

රටටම හොරෙන් මංගල සමරවීර කළ මහා පාවාදීම.. ඇමති මහින්ද සමරසිංහ හෙළිකරයි !

colombotoday

අයිස් සමග සැකකරුවන් 3 ක් දැලේ

colombotoday

බස්නාහිර, සබරගමුව, මධ්‍යමට තද වැසි.. ඇහැළියගොඩ අවදානම් කළාපවලින් වහා ඉවත්වෙන්න !

colombotoday

මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් ට විදෙස් ගමන් තහනමක්

Admin

ගෙදරට ඇවිත් වෙඩි නොතියා එන්තරවාසියක් එවීම ගැන ජවිපෙට ස්තුතියි! – මෛත්‍රී

colombotoday