Colombo Today Local News

මේජර් ජෙනරල් ශවේන්ද්‍ර ට සේවා දිගුවක්… මීළග හමුදාපතිත් ඔහුයි !

යුධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාට සය මසක සේවා දිගුවක් දී සිව්මසකට ඔහුව හමුදාපති කිරීමට ජනාධිපත්වරයා තීරණය කර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

සිල්වා මහතාට ලබන ජූනි 21 වැනිදාට වයස අවුරුදු 55 සපිරෙන හෙයින් එදිනට ඔහු විශ්‍රාම යාමට නියමිතව සිටී.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක වෙත හමුදාපති ධුරයේ රැඳී සිටින්නට ජනාධිපතිවරයා විසින් ලබාදී ඇති සේවා දිගුව මේ වසරේ අගෝස්තු 18 වැනිදා අවසන්වීමට නියමිත අතර ඔහු විශ්‍රාමයාමෙන් පසුව සිල්වා මහතාට එම ධූරය ලබාදීමට සූදානම් වන බව පැවසේ.

යුධ හමුදාවේ මීට පෙර දෙවන ප්‍රමුඛ ධූරය හෙබවූ මේජර් ජෙනරල් දම්පත් ප්‍රනාන්දුට සේවා දිගුවක් ලබාදුන් ආකාරයෙන්ම ශවේන්ද්‍ර සිල්වාට ද එම සේවා දිගුව ලබාදී ඇති බවත් ඒ අනුව ශවේන්ද්‍ර සිල්වාට දෙසැම්බර් 21 වැනිදා දක්වා හමුදා සේවයේ නිරතවීමට හැකි බවද පැවසේ.

යුධ හමුදාපති සටනේ ඊලඟ සුදුස්සාව සිටින මේජර් ජෙනරල් සත්‍යප්‍රිය ලියනගේට නොවැම්බර් 14 වැනිදා වයස අවුරුදු 55 සැපිරෙන්න අතර ජනාධිපතිවරයා ඔහුටද සේවා දිගුවක් ලබා නොදුනහොත් එදින ඔහුට විශ්‍රාම යාමට සිදුවනු ඇත.

Related posts

ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

colombotoday

ජනමතය නොවිමසා ගිවිසුම්වලට යනු එපා – MCC ගිවිසුම ගැන කාදිනල්තුමන්ගෙන් විශේෂ නිවේදනයක්

colombotoday

වන අලි පහර දී වනජීවි නිලධාරියෙකුට මරුට

Admin

යාපනේ කීරමලේ ප්‍රදේශයෙන් හමුදාව මුළුමනින්ම ඉවතට

colombotoday

වහාම ක්‍ර්‍රියාත්මක වන පරිදි සුරාබදු කොමසාරිස් ඉවත් කරයි

Admin

නිදහස් චතුරශ්‍රය තහනම් ?

colombotoday