Covid 19

මෙරට කෙරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 17,000 ඉක්මවයි..

මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 17,287 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ, නව ආසාදිතයින් 704 දෙනෙකු ඊයේ(15) දිනයේ හඳුනා ගැනීමත් සමගයි.

ඔවුන් සියලු දෙනාම පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් ‌ය.

ඒ අනුව පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තාවන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 13,788 ක් දක්වා ඉහළ යනු ඇති.

කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව ද 58 ක් දක්වා ඉහළ ගියේ ය.

ඒ , ඊයේ තවත් කොරෝනා මරණ 05 ක් වාර්තා වීමත් සමගයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ , කොළඹ 13, ජින්තුපිටිය ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලේදී මිය ගොස් ඇති බවයි.

ඔහු මියගොස් ඇත්තේ දීර්ඝ කාලයක සිට පෙළුණු පිළිකා රෝගය කොවිඩ් 19 ආසාදනයෙන් උත්සන්න වීම හේතුවෙන් ය.

හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි පිරිමි පුද්ගලයෙකු ද මිය ගියේ ය.

ඒ , පිළිකා රෝගය සහ කොවිඩ් නිව්මෝනියා තත්ත්වය උත්සන්න වීමෙන් ය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ , පපුවේ වේදනාවක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි 88 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු ද මිය ගොස් ඇති බවයි.

මරණයට හේතුව කොවිඩ් ආසාදනයෙන් වූ හෘදයාබාධයක් ය.

කොළඹ 08, බොරැල්ල ප්‍රදේශයේ පදිංචි 79 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු ද මිය ගියේ ය.

ඒ , කොවිඩ් ආසාදනය හේතුවෙන් නිදන්ගත පෙනහළු රෝගයක් උත්සන්න වීම හේතුවෙන් ය.

කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි 88 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු ජාතික රෝහලේදී මිය ගොස් ඇති අතර කොවිඩ් 19 ආසාදනය සහ හෘදයාබාධයක් මරණයට හේතු වී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්මේන්තුව සඳහන් කළේ ය.

තවත් ආසාදිතයින් 171 කු ඊයේ සුවය ලැබුවේ ය.

ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 11,495 ක් දක්වා ඉහළ යනු ඇති.

කොරෝනා ආසාදිතයින් 5,734 දෙනෙකු රෝහල්ගතව ප්‍රථිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය.

Related posts

මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 5000 ඉක්මවයි

colombotoday

කටුනායක නිදහස් වෙළද කළාපයෙන් අදත් කොවිඩ් රෝගීන් 22ක් – මුළු රෝගීන් ගණන 39ක් දක්වා ඉහළට

colombotoday

අද හදුනා ගත් කොරෝනා අසාදිතයින් ගණන 12 දක්වා ඉහළට

colombotoday

කොරෝනා ආසාදිත කතක් චීනය-කොරියාව-ලංකාව හරහා මදුරෙයි ගිහින්

Admin

රිමාන්ඩ් බන්ධනාගාරයේ රැඳවියන් 12කට කොරෝනා

colombotoday

උතුරු කොරියාවේ ආසාදිතයින් 0 යි. | සිනෝවැක් කෝවිඩ් -19 එන්නත් මාත්‍රා මිලියන තුනකුත් එපා කියයි.

colombotoday