Colombo Today Local Newsextremism & terrorism activities

මුස්‌ලිම් දේශපාලකයෝ අක්‌කර 30000 ක්‌ බලෙන් අල්ලාගෙන – ගලගොඩඅත්තේ ඥානසාර හිමි

රට පුරා තම ජනයාගේ කලාප පිහිටුවීමේ අරමුණින් මුස්‌ලිම් දේශපාලනඥයින් මෙරට ඉඩම් අක්‌කර තිස්‌දහසකට වඩා වැඩි ප්‍රමාණයක්‌ නීති විරෝධී ලෙස මේ වන විට අත්පත් කරගෙන ඇති බව බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්‌ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ ඊයේ (19 වැනිදා) සඳහන් කළහ.

උතුරු නැගෙනහිර ප්‍රදේශයන්හි මුලතිව්, මන්නාරම, එරාවුර් ප්‍රදේශයන්හි වන සංරක්‍ෂණ රක්‍ෂිත ආශ්‍රිතව ඉඩම් විශාල වශයෙන් අත් පත් කරගෙන ඇති බවට චෝදනා කළ ඥානසාර හිමියෝ ඊට සාපේක්‍ෂව අනෙකුත් පළාත්වලද ඉඩම් ක්‍රම ක්‍රමයෙන් ඔවුන් අත්පත් කර ගනිමින් සිටින බවද කීහ.

දිවයිනේ බොහෝ ප්‍රදේශයන්හි අක්‌කර පනහේ සියයේ ඉඩම් සාමාන්‍ය වටිනාකමට වඩා වැඩි මුදලක්‌ දී ලබාගෙන ඉදිරි අවශ්‍යතා වෙනුවෙන් ඔවුන් වෙන් කර ඇති බවත් උන්වහන්සේ පැවසූහ.

යුද ගැටුම් අවසන් වීමෙත් පසු මෙම තත්ත්වය තීව්‍ර වී ඇති බවත් මෙය නතර කිරීම සඳහා බලධාරීන් වහා කටයුතු කළ යුතු බවත් පූජ්‍ය ඥානසාර හිමියෝ වැඩිදුරටත් කියා සිටියහ.

Related posts

අලෝසියස් හමුවුණාද? “මට මතක නෑ..” – ඇමති රවීගෙන් කොමිසම දිගටම ප්‍රශ්න කරයි !

colombotoday

ගෝලීය සංචරතා දර්ශකයේ දකුණු ආසියාවෙන් මුල් තැන ශ්‍රී ලංකාවට

colombotoday

ජොන්ස්ටන් සහ රත්නසේකර කරට කර සටනක

colombotoday

දිවයිනටම ඇඳිරිනීතිය කියා රටටම බොරු කියූ තරුණයා අත්අඩංගුවට

colombotoday

ආරක්ෂක අමාත්‍යාංශ බලතල ජනපති යටතේ !

colombotoday

නිශ්පාදක සුමන්තිරන්, අධ්‍යක්ෂක රනිල්, කරු නළුවෙක් පමණයි…

colombotoday