Colombo Today Local News

මුස්ලිම් ජනතාවට අපේ රටේ මරාගෙන මැරෙන්න තරම් ප්‍රශ්න නෑ.. සහරාන් මේක කළේ කාගේ හරි උවමනාවක් වෙනුවෙන් – මුජිබර් රහුමාන්

පාස්කු ඉරුදින ප්‍රහාරය සහරාන් හෂීම් විසින් සිදුකර ඇත්තේ වෙනත් පාර්ශවයකගේ අවශ්‍යතාවයක් මත බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ, අදාළ ප්‍රහාරය පිටුපස සිටින පුද්ගලයින් පිළිබඳව නිසි තොරතුරු ලබාගැනීමට නම් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බව කියන ‘සාරා’ නමැති කාන්තාව මෙරටට ගෙන්වා ගත යුතු බවය.

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබාදිමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,”දැනට අපිට මරාගෙන මැරෙන කණ්ඩායමේ සිටි ‘සාරා’ නැමති කාන්තාව ඉන්දියාවේ ඉන්නවා කියලා තොරතුරු පළ වෙලා තියෙනවා. ඒ නිසා වහාම අපිට සාරාව ඉන්දියාවෙන් ලංකාවට ගෙන්න ගන්න පුළුවන් නම් මේ පාස්කු ප්‍රහාරයේ සියලු දේවල් අපිට දැන ගන්න පුළුවන් වේවි කියන එක තමයි මම කොමිසමට කිව්වේ. මෙහෙම සංවිධානය වෙලා මේ වගේ මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කරන්න පුළුවන් හයියක් කවුද මොවුන්ට ලබා දුන්නේ කියන එකයි අපිට තියෙන ගැටලුව. ඒ සියලු දේවල් හොයා ගන්න පුළුවන් ඉන්දියාවේ ඉන්න සාරාව ගෙනවා නම්.” යනුවෙන් ද පැවසීය.

ප්‍රශ්නය – ඔබ තුමා සාක්ෂි දෙමින් කියනවා සහරාන්ගේ එල්ල කළ ප්‍රහාරය පිටුපස අදිසි හස්තයක් ඉන්නවා කියන කාරණය. මොකද්ද මේ හෙළිදරව්ව ?

“විශේෂයෙන්ම මේ රටේ ජීවත්වෙන මුස්ලිම් ජනතාවට මරාගෙන මැරෙන්න තරම් ප්‍රශ්න නෑ. එහෙම උවමනාවකුත් නෑ. බෝම්බ අඟේ බැඳගෙන ගිහින් අහිංසක ජනතාව යාඥා කරන පල්ලිවලට ආගමික ස්ථානවලට ගිහින් පුපුරුවා ගන්න කිසිම අවශ්‍යතාවයක් නෑ. ඒ නිසා සහරාන් මේක කළේ මුස්ලිම් ජනතාව වෙනුවෙන් නෙමෙයි. මේක කළේ කාගේ හරි උවමනාවක් වෙනුවෙන් ඉෂ්ට කළ දෙයක්.”

Related posts

රටම නොමග යවා ඇමතිලා ගෙන්වූ කෝටි 118 සැප වාහන වරායේ ගොඩබෑම ඇරඹේ

colombotoday

ඉස්ලාම් ආගම අත් හැරි මුස්ලිම් ජාතිකයෙකු සාහසිකව ඝාතනය කරයි : Photos

colombotoday

අද සිට දුම්රිය ගමන්වාර 302ක්

colombotoday

ලෝක මුස්ලිම් ලීගයෙන් ලබාදුන් කෝටි 90ක මුදල ගැන විමසිය යුත්තේ අබ්දුල් කාදර් අල් මෂූර් මවුලානාගෙන්

colombotoday

ආණ්ඩුවේ කීර්තිනාමය රැකගන්න මහින්ද, ගෝඨාභය, ජගත් ජයසූරියට දඩුවම් දියයුතුමයි – ෆොන්සේකා (Video)

colombotoday

පාර්ලිමේන්තුවේ යෝජනා ගෙන ඒමෙන් ICCයෙන් තහනමක් පැනවූවොත් වගකීම 225 දෙනා භාරගත යුතුයි

Admin