Colombo Today Local News

මුල්ලිවයික්කාල් කොටි සැමරුම් තහනම් කරයි

යුද්දය හේතුවෙන් මිය ගිය වැසියන් සමරා මුලතිව් මුල්ලි වයික්කාල් සැමරුම් භූමියේ මැයි 18 දින කිසිදු සැමරුම් උත්සවයක් මෙවර සිදු නොකෙරෙන බවටත් කොරෝනා වෛයිරස් අවධානම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති හෙයින් නිවසේ සිට මිය ගිය වැසියන් සමරන ලෙසට මුල්ලිවයික්කාල් මිය ගිය අයගේ ඥාති සංගමය විසින් එම ජනතාවගේ ඉල්ලීමක් කොට ඇත.මුල්ලි වයික්කාල් මුහුදු තීරයේ ඉදිකොට ඇති සැමරුම් ස්මාර්කයන් හා භූමියද මේ දින වල දැඩි පාලු ස්වරූපයක් ගත්තද යුද්දෙන් පසුව සෑම වර්ෂයකම අති උත්සවාකාරයෙන් මුල්ලිවයික්කාල්හි අවසන් යුද්දයෙන් මිය ගිය මහවිරුවන් ඇතුලු සාමාන්‍ය ජනතාව සැමරීම සිදු කරන ලදි.

මුලතිව්හි පැවත්වීමට නියමිතව තිබූ සියලුම යුද සැමරුම් උත්සවයන් නොපවත්වන ලෙසට පොලීසිය හා ආරක්ෂක අංශ විසින් දැනුම් දීමටද පියවර ගෙන ඇති අතර කණ්ඩායම් වශයෙන් රැස්ව යුද සැමරුම් සිදු කරන්නේද යන්න පිළිබඳව සෙවීම සඳහාද ආරක්ෂක අංශ විසින් පියවර ගෙන ඇත.

කෙසේ නමුත් අවසන් යුද්දයේදී මිය ගිය වැසියන්ගේ ඥාතී සංගමය විසින් මුල්ලි වයික්කාල්හි නැවත පදිංචි වැසියන්ගෙන් ඉල්ලා ඇත්තේ අවසන් යුද්දයේදී මිය ගිය හා තුවාල ලැබූවන් සිහිපත් කිරීම් ස්ථාන වශයෙන් රැස් නොවී නිවසේ සිට හෝ පහනක් දල්වා මල් පූජා කොට එම පිරිස් වෙනුවෙන් උපහාරයක් දක්වන ලෙසටය.

Related posts

සයිටම් නීත්‍යානුකූලයි.. සිසුන්ට වෛද්‍ය සභාවේ ලියාපදිංචියට අවසර – අධිකරණයෙන් තීන්දුවක්

colombotoday

කුලියාපිටියෙනුත් බෝම්බ පාර්සලයක් හමුවෙයි

colombotoday

පොලිස් නිලධාරීන් 20,000 කගේ හිඟයක්

Admin

වැඩි මිලට සිල්ලර වෙළදුන්ට සහල් විකිණූ සහල් නිෂ්පාදන ආයතනයකට නඩු

colombotoday

විෂ මත්ද්‍රව්‍ය හා අන්තරායකර ඖෂධ මඩින්න ජනාධිපති කාර්යසාධක බලකායක්

Admin

අපි 25000කින් වැටුප් වැඩි කරනවා කිවුවේ නෑ

Admin