Colombo Today Local News

මීගමුව බන්ධනාගාරය ගැන අනාවරණයක්

මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් 600 දෙනෙකු පමණක් රඳවා තැබීමට පහසුකම් ඇතත්, රැඳවියන් 2,400 කට වැඩි පිරිසක් මේ වනවිට එහි රඳවා සිටින බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. එම පිරිස පාලනය සඳහා බන්ධනාගාර නියාමකවරුන් 175 දෙනෙකු අවශ්‍ය වුවත් රාජකාරි සඳහා මේවනවිට සේවය කරනු ලබන්නේ නිලධාරීන් 104 දෙනෙකු පමණක් බවයි මීගමුව බන්ධනාගාර ආරංචි පැවසුවේ.

මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන් නඩු කටයුතු සඳහා අධිකරණ 14 ක් වෙත යන බවත්, එක් අධිකරණයක් සඳහා රැගෙන යන රැඳවියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් බන්ධනාගාර නියාමකවරුන් අවම වශයෙන් 5 දෙනෙකු යෙදවිය යුතු බවත් බන්ධනාගාර ආරංචි පැවසුවා.

උදෑසන සහ රාත‍්‍රි රාජකාරි වෙනුවෙන් සහ අධිකරණ කටයුතු සඳහා නියාමකවරුන් යෙදවු පසු බන්ධනාගාරය තුළ විශේෂ රාජකාරි සඳහා යෙදවීමට අවම වශයෙන් අවශ්‍ය නිලධාරීන් ගණනවත් නොමැති බවයි අනාවරණ වුණේ.

මීගමුව බන්ධනාගාරයට තහනම් භාණ්ඩ වැඩි වශයෙන් ලැබෙන්නේ බන්ධනාගාරයට පිටතින් පාර්සල් විසිකිරීම තුලින් බවට ද හඳුනාගෙන තිබේ. එහෙත් ඒවා නතර කිරීමට නොහැකිව ඇත්තේ බන්ධනාගාර නිලධාරීන්ගේ හිඟය නිසා බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ.

Related posts

ඉඩම්, පොලිස්‌, මුදල් බලතල පළාත්සභාවලට දුන්නොත් ආණ්‌ඩුවේ අවසානය එය විය හැකියි

colombotoday

බස්නාහිර පළාතේ වාර විභාග ප්‍රශ්න පත්‍ර කලින්ම සිසුන් අතට… ගුරුවරුන්ට කට වහගන්නැයි බලධාරීන් දන්වලා !

colombotoday

අර්තාපල් ආනයන බද්ද වැඩි කෙරේ

colombotoday

ඉන්දියාවෙන් රැගෙන ආ ලක්ෂ 600ක කහ තොගයක් බේරුවල වරායේදී ආරක්ෂක අංශ භාරයට

colombotoday

තිරිඟු ආනයනයට පියවර

colombotoday

ඒකාබද්ධයට පාර්ලිමේන්තුවේ අසුනක් අහිමිවෙයි.. ශ්‍රීයානි විජේවික්‍රම ජනපතිට එක්වෙයි

colombotoday