Colombo Today Local News

මිලියන 125 ක් අල්ලස්ගත් රේගු නිලධාරීන්ට ඇප දීලා

ආනයනය කරන ලද වාහන අමතර කොටස්‌ සඳහා ගෙවිය යුතු තීරුබදු නොගෙවා සිටීම සඳහා වාහන අමතර කොටස්‌ අලෙවිකරුවකුගෙන් රුපියල් කෝටි 12 1/2 ක මුදලක්‌ අල්ලස්‌ ලෙස ඉල්ලා ලබා ගත්තේ යෑයි අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කර සිsටි රේගු නිලධාරීන් තිදෙනා රුපියල් එක්‌කෝටි එක්‌ලක්‍ෂය බැගින් වූ ඇපයකට යටත් කොට දැඩි කොන්දේසි සහිතව මුදාහරින ලෙස කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඊයේ (01 දා) නියෝග කළේය.

අල්ලස්‌ හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් සිදුකළ වැටලීමකින් අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කර මෙසේ ඇප මත මුදාහරිනු ලැබූයේ රේගු අධිකාරී සුධීර පරාක්‍රම ජිනදාස, නියෝජ්‍ය රේගු අධිකාරි ජගත් ගුණතිලක සහ සහකාර රේගු අධිකාරි උපාලි ගුණරත්න යන තිදෙනායි.

සැකකරුවන් තිදෙනා ඇප මත මුදාහරිමින් ඔවුන් හට ඇප කොන්දේසි පනවනු ලැබූ මහෙස්‌ත්‍රාත්වරයා සෑම මසකම අවසන් ඉරු දින උදේ 9 ත් මධ්‍යහ්න 12 ත් අතර කාලයේ අල්ලස්‌ කොමිෂන් සභාව හමුවේ පෙනී සිට වාර්තා කරන ලෙසත් ඔවුන්ගේ විදේශ ගමන් තහනම් කරන බවත් දන්වා සිටියේය.

සිද්ධියට අදාළ පැමිණිල්ල ලබන පෙබරවාරි 16 දා යළි කැඳවීමට නියමිතය.

Related posts

දුම්රිය සංඥ දෝෂයක් – කඩාකප්පල් ක්‍රියාවක් දැයි පරීක්ෂණ

colombotoday

දෙවිනුවර – සිංහාසන ආපනශාලාවක් ඉදිරිපිට වෙඩිතැබීමක්

Admin

දුම්රිය කර්මාන්ත ශාලාවකට ආ හොරෙක් වෙඩි කයි

Admin

ගුවනින් නිරීක්ෂණය කිරීමෙන් පසු සංචරණ නීති කැඩූ මෝදර 15 ක් අත්අඩංගුවට

colombotoday

අතුරුගිරියේ වෙඩිතැබීමෙන් ක්ලබ් වසන්ත මරුට

Admin

පූර්ණ එන්නත්කරණයට ලක්වූවන්ට ඩිජිටල් කාඩ්පතක්

colombotoday