Colombo Today Local News

මැකො. සභාපති ඉවත් වෙයි… අස්වීමේ ලිපිය ජනපතිට යවයි !

මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සිය ධූරයෙන් ඉවත් වීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර ඇති බව කථානායක කරු ජයසූරිය මහතාට දැනුම්දී ඇතැයි කථානායක කාර්යාලය නිවේදනය කරයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපතිවරයා ලෙස මෙම ඉල්ලීම පිළිබඳව ප්‍රතිචාර දැක්වු කථානායකවරයා සඳහන් කර ඇත්තේ, මහින්ද දේශප්‍රිය මහතා මෙම අවස්ථාවේදී ස්වකීය ධූරයෙන් ඉවත් නොවී පුර්ණ කාලයම එහි කටයුතු කිරිම සුදුසුය යන්න තම අදහස බවයි.

විශේෂයෙන්ම පසුගිය ජනාධිපතිවරණය වෙනුවෙන් සභාපතිවරයාගේ නා‍යකත්වය යටතේ මැතිවරණ කොමිසන් සභාව ඉටුකළ විශිෂ්ඨ කාර්යභාරය අගය කළ කථානායකවරයා සඳහන් කළේ මැතිවරණ ක්‍රියාවලිය තුළ හඳුනාගෙන ඇති වැදගත්   ප්‍රතිසංස්කරණ  සිදු කිරිම සඳහාත්, ඉදිරියේදී එළඹන තීරණාත්මක මැතිවරණ ප්‍රශස්ත අන්දමින් මෙහෙයවීම සඳහාත් මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ මෙහෙයවීම ඉතා වැදගත් වනු ඇති බවයි.

Related posts

සියලු විශ්වවිද්‍යාල ආචාර්යවරු අද වැඩ වර්ජනයක

Admin

ආරුගම්බේ සිද්ධියට සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

Admin

පළාත් 4ක රජයේ වෛද්‍ය නිලධාරීන් අද වර්ජනයක…

Admin

අඩු ආදායම්ලාභී නිවාස 25,000ක සූර්ය බලයෙන් විදුලිය හදන ව්‍යාපෘතියක් අරඹයි

colombotoday

මුස්ලිම් ඡන්ද නැතිව හැකිනම් ජනාධිපති වී පෙන්වනු – හිස්බුල්ලා අභියෝග කරයි

colombotoday

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙකුට කොරෝනා

colombotoday