Colombo Today Local News

මාවනැල්ල දෙවනගල රජමහා විහාරාධිපති හිමියන්ට විරුද්ධව මුස්ලිම් ව්‍යාපාරිකයෙකු නඩු පවරයි.

දෙවනගල රජමහා විහාරාධිපති මැදිරිගිරියේ පුඤ්ඤසාර හිමියන්ට සහ මාවනැල්ල පොලිසියේ ස්ථානාධිපතිට එරෙහිව මරික්කාර් අන්වර් නැමති පුද්ගලයෙකු තමාගේ මුලික අයිතිවාසිකම් කඩවූ බව සඳහන් කරමින් අංක SC/REF/422/2019 යටතේ පවරා ඇති මුලික අයිතිවාසිකම් පෙත්සමක් (FR) අද (27) දිනයේදී ශ්‍රේෂ්ඨාදිකරණයේදී කැදවනු ලැබීය.

විහාරාධිපති හිමියන් සහ තවත් පිරිස් තම ඉඩමේ නිදහස් බුක්තියට බාදා කල බවත් පොලිස් පරීක්ෂණ නිසි පරිදි සිදු නොකල බවත් පෙත්සම්කරු චෝදනා ගොනු කර ඇත. විහාරාධිපති හිමියන් වෙනුවෙන් ජේෂ්ඨ නීතිඥ විදුර ගුණරත්න මහතා කරුනු කරුණු දැක්වීමට නියමිතව ඇති බව අද දිනයේදී විහාරාධිපති හිමියන් වෙනුවෙන්, නීතිඥ කෝසලා පෙරේරා මහත්මියගේ උපදෙස් මත පෙනී සිටි නීතිඥ සංජය මාරඹේ මහතා ගරු අදිකරණයට දන්වා සිටින ලදි.

ඉඩම විහාරයට අයත් සාංගික ඉඩමක් බවත් ඉපැරැණි රජ දවස පටන් මේ ප්‍රදේශයේ ඉඩම් සැලකිය යුතු ප්‍රමාණයක් මෙම පන්සල සතුව සහ පන්සලේ බුක්තියේ පවතින බවත් වගඋත්තරකාර පාර්ශවය පෙන්වා දෙයි.

පෙත්සම්කරු වෙනුවෙන් ඉදිරිපත් වන නීතිඥ හුසේන් මහතා අද දිනයේදී අසනීප තත්තවයක් හේතුවෙන් ගරු අදිකරණයට පැමිනීමේ අපහසුතාවයක් ඇති බවට එකී නීතිඥවරයාගේ කනිෂ්ඨ නීතිඥවරිය ප්‍රකාශ කරනු ලැබීය.

කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නඩුව 2020 මාර්තු මස 20 වන දින නැවතත කැඳවීමට නියෝග කරන ලදි.

Related posts

ගුවනින් ආ කුෂ් පන්නන්න බැරි වෙයි

Admin

ෆයිසර් එන්නත් මාත්‍රා 70,200ක් දිවයිනට

colombotoday

චීනයේ කිනිතුල්ලන් ගෙන් ව්‍යාප්තවන තවත් වෛරසයක්… 07ක් මරුට

colombotoday

මහින්ද රාජපක්ෂට බලකාමී උන්මාදය රෝගය වැළදිලා – ප.ච රණවක

colombotoday

බස්නාහිර ආණ්ඩුකාර වෛද්‍ය සීතා අරඹේපොළ !

colombotoday

මහින්ද ජයසිංහ ජනතා විමුක්ති පෙරමුණේ. – සංගම් හදලා බලය ලබා ගන්න පාර කපා ගන්නවා | පූජ්‍ය උලපනේ සුමංගල හිමි

colombotoday