Colombo Today Local News

මාලිගාවත්තේ සිද්ධිය සම්බන්ධයෙන් 6 දෙනෙකු රිමාන්ඩ්

මාලිගාවත්ත, ජුම්මා මජිඩ් මාවත ප්‍රදේශයේ දේවස්ථානයක් අසල ආධාර බෙදාදීමක දී ඇතිවූ තෙරපීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් ව්‍යාපාරිකයා සහ පුද්ගලයින් හය දෙනා ජූනි 4 වන දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝගය කර තිබේ.

පොලිසිය පැවසුවේ, ප්‍රදේශයේ දානපති ව්‍යාපාරිකයෙකු මෙම ආධාර බෙදාදීම සිදුකර ඇත්තේ ඇඳිරි නීති කාලය තුළදී බවයි.

ආධාර බෙදාදීමේදී ඇතිවූ තෙරපීමකින් කාන්තාවන් තිදෙනකු ජීවිතක්ෂයට පත්විය. තෙරපීමට ලක්වූ තවත් පිරිසක් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන අතර, ආධාර බෙදාදුන් ව්‍යාපාරිකයා ඇතුළු පුද්ගලයින් හයදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය පැවසුවේ, රාමසාන් උත්සවය වෙනුවෙන් මුදල් ආධාර ලබාගැනීමට පැමිණි පුද්ගලයින් අතර ආරවුල් ඇතිව තිබූ බවයි.

එහිදී ඇතිවූ තදබදයත් සමඟ වයස්ගත කාන්තාවන් සිව්දෙනකු බිම වැටී තිබේ.

මෙම සිද්ධිය අසල තිබූ සී සී ටී වී කැමරාවක සටහන්ව ඇත

කොවිඩ් නයින්ටීන් හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයට පනවා ඇති ඇඳිරි නීතිය සහ සෞඛ්‍ය ආරක්ෂන ක්‍රමවේද නොසළකා අදාළ පුද්ගලයින් මෙම අවස්ථාව සංවිධානය කර තිබූබවද ආධාර බෙදාදීමේ වැඩසටහන සඳහා කිසිදු අවසර පත්‍රයක් ලබාගෙන නොමැති බව ද පොලිසිය ප්‍රකාශ කරසිටියි.

සිද්ධිය වූ ස්ථාන අද පස්වරුවේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා මෙරන්ජි සිල්වා මහත්මිය නිරීක්ෂණය කළේය.

Related posts

ජනපති පොරොන්දුවක් ඉටු කරයි… VAT බද්ද 15% සිට 8% දක්වා පහත දැමීමට කැබිනට් අනුමැතිය !

colombotoday

උලමා සභාවේ බලය අත්පත් කර ගන්න අන්තවාදීන් දෙකට බෙදී සීතල යුද්ධයක.

colombotoday

ලංගමය දිලුම්ට, දුම්රිය සීබී ට…

colombotoday

15 හැවිරිදි දැරිය අපයෝජනය කිරීම : අත්අඩංගුවට ගත් ප්‍රාදේශීය සභාපතිවරයා ඇතුලු 4කට ඇප

colombotoday

විභාග මධ්‍යස්ථානයකදී සිසුවියක අපයෝජනයට තැත් කළ ගුරුවරයාගේ වැඩ තහනම්

colombotoday

ETF – EPF ස්වාධීන මණ්ඩලයක් යටතට ගන්න යයි

Admin