Colombo Today Local News

මහ රෑ පෙම්වතිය හමුවන්න ගිය සිසුවා විදුලි රැහැනක පැටලී කුඹුරකදී ජීවිතක්ෂයට | පෙම්වතියටත් කරන්ට් වැදිලා

උසස් පෙළ විභාගයට පෙනී සිටි හතරලියද්ද පොල්වත්ත ප්‍රදේශයේ සිසුවකු පෙරේදා (02 වැනිදා) රාත්‍රී 10.30 ට පමණ පෙම්වතිය හමුවී නැවත කුඹුරක් මැදින් යමින් සිටියදී ඌරන්ට අටවා තිබූ විදුලි රැහැනක ගැටී විදුලි සර වැදී මරණයට පත්ව ඇති බව හතරලියද්ද පොලිසිය සඳහන් කරයි. මෙසේ මියගොස් ඇත්තේ මහනුවර නගරයේ ප්‍රධාන විදුහලක අධ්‍යාපනය ලබමින් සිටි 18 වියැති සිසුවෙකි.

මියගිය සිසුවා පෙරේදා (02 වැනිදා) රාත්‍රියේ පෙම්වතියට දුරකතන ඇමතුමක් ගෙන ඔහුගේ නිවසේ සිට මීටර 500ක පමණ දුරින් පිහිටි තරුණියගේ නිවසට ගොස් ඇත. පෙම්වතියගේ නිවසට ගොස් නැවත තම නිවසට පැමිණෙන අවස්ථාවේ ඇය සමග දුරකතනයෙන් කතා කරමින් යන අතර විදුලි සර වැදුණු තරුණයා වෙල්යායේ ඇඳ වැටී තිබේ.

එක්වරම කෙඳිරිලි හඬක් සමඟ පෙම්වතා නිහඬ වීම නිසා ඔහුට යම් කරදරයක් වන්නට ඇතැයි සිතූ පෙම්වතිය නිවසින් පිටතට පැමිණ වෙල්යායට පැමිණ ඇති අතර එම අවස්ථාවේ ඇය පෙම්වතාගේ දුරකතනයට යළි ඇමැතුමක් ගනිත්දී ඔහුගේ දුරකතනයෙන් නික්මුණු විදුලි ආලෝකය මගින් ඔහු වෙල්යායේ වැටී සිටිනු දැක ඇත.

එම ස්ථානයට ගිය පෙම්වතියටද විදුලි සර වැදී ඇති නමුත් ඇයට කිසිදු හානියක් සිදුව නොමැති බව පොලිසිය පවසයි.

මෙම කුඹුරුයාය පුද්ගලයන් සිව් දෙනෙකුට අයත් බවත් ඔවුන් සියලු දෙනාගේ එකඟතාව මත ප්‍රදේශයේ පුද්ගලයෙකු සතුන් දඩයම් කිරීම සඳහා වෙල්යායට විදුලි රැහැනක් ඇද තිබෙන බවත් පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ.

කුඹුරු කොටස්වල හිමිකරුවන් සිව්දෙනා සහ විදුලි රැහැන් අදින ලද පුද්ගලයාද අත්අඩංගුවට ගෙන ප්‍රකාශ සටහන් කරගත් බව මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ කියයි.

Related posts

ශ්‍රී ලංකාව ලොව මිත්‍රශීලීම රටවල් 10 අතරට

colombotoday

සමාජ මාධ්‍ය භාවිතා කරන බොහෝමයක් උගත්කමින් අඩු අය, ඔවුන් 80%ක් කියන්නෙ බොරු – ජනපති

colombotoday

ලොවම මවිත කරමින් ඇමරිකාවේ නිරුවත නැවතත් එළියට !

colombotoday

කිරිඇල්ල නොනැවතී ඉදිරියටම.. වයස නොසලකාහැර පත්වීමක් දෙන්නැයි තවත් ලිපියක්

colombotoday

ව්‍යාප්ත වෙමින් පවතින ඉස්ලාමීය මූලධර්මවාදයෙන් කාන්තා නිදහසට තර්ජණ – ඉස්ලාමය හැරගිය අයගේ සංගමය

colombotoday

කොරෝනා පළමු මරණය වාර්තා වන විට රෝගීන් ප්‍රමාණය 113 දක්වා ඉහලට

colombotoday