Colombo Today Local News

මහ බැංකු අධිපති 21 දා බැඳුම්කර කොමිසමට

වත්මන් රජය යටතේ නිකුත් කළ භාණ්ඩාගාර බැඳුම්කර පිළිබඳ සොයාබැලීම සඳහා පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්ෂිදීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා කැඳවා ඇත.

ඒ සඳහා ලබන 21 වැනි දා අඟහරුවාදා උදේ 10ට කොළඹ 12 අධිකරණ මාවකේ පිහිටි තම කාර්යාලය හමුවේ පෙනී සිටින ලෙස දන්වා ආචාර්ය කුමාරස්වාමී මහතාට කොමිසම ඊයේ (16) නියෝග කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු කේ.ටී චිත්‍රසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම කොමිසම හමුවේ සිද්ධියට අදාළව සාක්ෂිය සටහන් කර ගැනීමට ආචාර්ය කුමාරස්වාමි මහතා ප්‍රථමයෙන් කැඳවීමට තීරණය කර තිබේ.

කොමිසමේ වැඩ ආරම්භ කරමින් පැවැත්වෙන සාක්ෂි විභාගයේ සාක්ෂි දීම සඳහා පෙනී සිටින ලෙස දන්වා කොමිසමේ ලේකම් සුමතිපාල උඩුගමසූරිය මහතා ආචාර්ය කුමාරස්වාමි මහතා වෙත නොතිසියක් නිකුත් කළේය.

Related posts

ශාන් විජයලාල් සජබයට එක් වෙයි

Admin

“තවමත් ඇමති මමයි“…. චම්පික රණවක නැවතත් ඇමති පුටුවේ වාඩි වෙයි…

colombotoday

නීති විරෝධීව ගෙන ආ චොකලට් සහ ආලේපන තොගයක් වටලයි

colombotoday

පියල් නිශාන්ත කලකිරෙයි

Admin

දකුණු කොරියාවත් COVID අනතුරේ… ශ්‍රී ලාංකිකයන්ට විශේෂ දැනුවත් කිරීමක් !

colombotoday

උතුරේත් වැඩි උනන්දුවක්… දහවල් 2 වෙද්දී ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය මෙන්න

colombotoday