Colombo Today Local News

මවුස්සාකැලේට කෘතිමව වැසි වැස්සවීම සාර්ථකයි

මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට කෘතිම වැසි ඇති කිරිම සදහා  ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ වයි 12 ගුවන් යානයකින් ඉහල අහසේ වලාකුළු මත රසායනික ද්‍රව්‍යය ඉසිමෙන් අනතුරුව එම ජල පෝෂක ප්‍රදේශවලට අද (22)  පස්වරු 1 සිට 1.45 දක්වා වර්ෂාවක් පතිත විය.

අද උදැසන 11 ට පමණ ගුවන් හමුදාවේ වයි 12 ගුවන් යානයකින් මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශයේ අඩි 8000 ක් වු ඉහල අහසේ වලාකුළු මත රසායනික ද්‍රව්‍යයක් මුදා හැරිමෙන් පසුවයි එම ජල පෝෂක ප්‍රදේශයට වර්ෂාව පතිත විය.

ගුවන් හමුදාවේ වයි12 ගුවන් යානය විනාඩි 45 පමණ කාලයක් මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශයේ ඉහල අහස්ගැබේ වලකුළු මත පියසර කරමින් රසායනික ද්‍රව්‍යය වලාකුළු මත මුදා හරිනු ලැබීය.

ඉදිරි දින කිහිපයේදිත් කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට කෘතිම වැසි ඇති කිරිම සදහා ගුවන් මගින් වලාකුළු මත රසායනික ද්‍රව්‍යය මුදා හැරිමට කටයුතු කරන බවයි ලංකා විදුලි බල මණ්ඩලයේ උසස් නිලධාරියෙකු කියා සිටියේ.

Related posts

මෙවර නිදහස්‌ උළෙලේදී ජාතික ගීය පළමුවරට සිංහලෙන් හා දෙමළෙන්

colombotoday

නාගහනන්දගෙන් ප්‍රතිශෝධන ‌‌පෙත්සමක්

colombotoday

තහවුරු කළ තවත් කොරෝනා මරණ 54 ක්

colombotoday

බොර තෙල් මිල පහළ යයි

Admin

කෝටි 12ක ගල්අගුරු ගැහිල්ලක්..! රංජිත් මෛත්‍රීව දොට්ට දමයි

colombotoday

විධායකය අහෝසි කිරීමට අගමැති ගෙනා යෝජනාවෙන් කැබිනෙට්ටුව රත්වෙයි. බහුතරය විරුද්ධයි. පක්‍ෂ රාජිත සහ රවි පමණයි

colombotoday