Colombo Today Local News

මන්ත්‍රීවරුන්ට තවත් ලක්ෂ 2 ක් ඉල්ලූ යෝජනාව ජනපති ප්‍රතික්ෂේප කරයි

රුපියල් ලක්ෂ හතරකට වැඩි මුදලක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මාසිකව ලැබෙමින් තිබියදී තවත් අතිරේක දීමනාවක් ලෙස රුපියල් ලක්ෂ දෙකක් ලබා දීම සඳහා කැබිනට් මණ්ඩලයට ගෙනා යෝජනාවකට අත්සන් කිරීම තමා ප්‍රතික්ෂේප කළේ යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (06) කොළඹදී පැවැසීය.

යම් යම් ප්‍රශ්න මතුවන්නේ මෙවැනි දේවල් වලට තමාගේ අකමැත්ත පළකිරීම නිසා යැයිද ජනාධිපතිවරයා කීය.

ජනාධිපතිවරයා එම අදහස් පළකළේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද  (06) පස්වරුවේ පැවැති උත්සවයක් අමතමිනි.

ශ්‍රී ලංකාවට පිළිගත් දේශපාලන සංස්කෘතියක් උදාකර ගැනීම උදෙසා බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය සහ සමස්ථ ලංකා බෞද්ධ මහා සම්මේලනය මගින් මෙම උත්සවය සංවිධානය කර තිබූ අතර එහිදී ජනාධිපතිවරයා මෙසේද කීය.

“පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත්වීමෙන් පසු ලැබෙන වරප්‍රසාද සහ අයිතිවාසිකම් අසීමිතයි.

අද උදෙන් කැබිනට් මණ්ඩලයේදී මේ ගැන වාද විවාද වුණා මන්ත්‍රීවරුන්ට අතිරේක දීමනාවක් දීම සඳහා රජය පැත්තෙන් යෝජනාවක් ගෙනාවා මම කිව්වා කැමති වෙන්න පුළුවන් කමක් නැහැ කියලා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැන් දෙන වැටුප් සහ දීමනාවන්ට අමතරව රුපියල් ලක්ෂ දෙකක් දෙන්න තමයි ඒ යෝජනාව ගෙනත් තිබුණේ. ඒ සඳහා මට ලොකු බලපෑමක් කළා.

මම කිව්වා මට නම් කැමති වෙන්න බැහැ කියලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට දැනට මාසිකය රුපියල් ලක්ෂ 4 කට වැඩිය ලැබෙනවා තවත් රුපියල්  ලක්ෂ දෙකක අතිරේක දීමනාවක් දෙන්න මට අත්සන් කරන්න බැහැ කියලා මම අත්සන් කළේ නැහැ.

ඉතින් ඒ වගේ ඒවා නිසා තමයා යම් යම් දේවල් ගැන ප්‍රශ්න මතුවන්නේ යැයි ජනාධිපතිවරයා කීය.”

Related posts

බැසිල් අගමැති කරවීමේ සැලැසුම වෙල්ගම හෙළි කරයි

colombotoday

අර්ජුන් ඇලෝසියස්ගේ දුක සැප බලන්න මන්ත්‍රී පිරිසක් බන්ධනාගාරයට

colombotoday

පනත් කෙටුම්පත් තුනක් බලාත්මක කරන්න කථානායකගේ සහතිකය

Admin

යහපාලන ආණ්ඩුවත් සොහොන් කණු පසුකරමින් මිනී වලට ඇදෙනවා – දුමින්ද නාගමුව

colombotoday

වාහන මිල අඩු කරන්නේ නෑ… බදු අඩු කරන්නෙත් නෑ… රවී ස්ථීරවම කියයි

colombotoday

අලි එළවීමට අලුත් තාක්ෂණයක්

colombotoday