Colombo Today Local News

මද්‍රව්‍ය චෝදනා ලැබ සිටින නාකොටික් 13දෙනා තවදුරටත් රිමාන්ඩ්

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගනු ලබන මත්ද්‍රව්‍යවලින් ජාවාරම් කළේ ඇයි චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින එම කාර්යාංශයේ නිලධාරීන් දහතුන් දෙනා තවදුරටත් ලබන 26 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

එම පැමිණිල්ල අද (12)දිනන කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් මොහොමඩ් මිහාර් මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර නොමැත.

ඉන් අනතුරුව විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටින රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා විසින් අධිකරණයට ඉදිරිපත් කළේය.

සැකකරුවන් ලබන 26 වන දා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළ අධිකරණය එදිනට පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස නියෝග කර ඇත.

Related posts

(VIDEO) ‘තිත්ත බේත් අපට එපා.. තොපිම බීපියව්’ වාසුගෙන් සැර කතාවක්

colombotoday

“සෙංකෝලය පැහැරගැනීමේ සැලසුමක්” – හෙට විශ්වාසභංගයේදී වෙන්න යන දෙයක් ගැන ගම්මන්පිල කියයි

colombotoday

ජා.ලයිස්තුව නොලැබුනොත් ජීවිතය හැරදා යනවා

Admin

වේයෝ කාපු අබලන් වූ පෝර්ෂ් රථය නිසා රෝසි දහදුක් විඳලා

Admin

මහ බැංකුවෙන් පොළී අනුපාත ගැන දැනුම්දීමක්

Admin

සමගි ජන බලවේග ජන රැලියට අධිකරන නියෝග.

Admin