Colombo Today Local News

මත්ස්‍ය ප්‍රහාරයකින් ධීවරයෙක් මරු දකී

යාපනය ගුරුනර්හ හි ධීවරයෙකුට විස සහිත මොරල්ලෙකු ගෙලට ඇනීමෙන් ධීවරයා මියගොස් ඇති බව යාපනය පොලිසිය පවසනවා.

විෂ මොරල්ලගේ තුඩුවේ ප්‍රහාරයෙන් එම ධිවරයාගේ ගෙල සිදුරුවී ඇති අතර ඔහු සමඟ ගිය සෙසු ධිවරයින් තුවාල ලැබූ ධිවාරයා ගොඩ බිමට රැගෙනවිත් යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති අතර එහිදී ඔහු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 29 ක් පමණ වන මයිකල් කොලින් ඩිනෝ නමැති දෙදරු පියෙකි.

මෙම විෂ සහිත මොරල්ලා ධීවරයින් මුහුදු ජලයට ආසන්නයේ සිටින විට එක්වරම උඩට පැන ප්‍රහාර එල්ල කරන බව පැවසේ.

Related posts

ලොකු සද්ද දැමු පොඩි ලැසීගෙන් CIDය පැය 6ක් ප්‍රශ්න කරයි

colombotoday

සෞඛ්‍ය සේවාවන් ඇතුළු අත්‍යවශ්‍ය සේවාවන්ට සමුපකාර පිරවුම්හලෙන් ඉන්ධන

colombotoday

කෝටි හතරක හෙරොයින් සමඟ හිටපු පීසී අල්ලයි

Admin

මහා නාහිමියන්ටත් අභියෝග කරන සිවල් සංවිධාන වෘෂභ පෝතකයන් වහාම ගාල්කළ යුතුයි !

colombotoday

කේරළ ගංජා ප්‍රවාහනය කරමින් තිබූ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා අත්අඩංගුවට

colombotoday

ආණ්ඩුව 20 සංශෝධනය මඟින් සිදුකරන්නේ සිය බලය තහවුරුකර ගැනීමට උත්සහ දැරීමක් – තිස්ස අත්තනායක

colombotoday