Colombo Today Local News

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් එල්ලා මරණ තීරණයට බ්‍රිතාන්‍ය, යුරෝපා සංගමයේ විරෝධය…

මරණ දඩුවම යළි සක්‍රීය කිරීමට ශ්‍රී ලංකාව සූදානම් වන බවට පළවන වාර්තා සම්බන්ධයෙන් මහා බි්‍රතාන්‍යය සහ යුරෝපා සංගමය නැවත විරෝධය පළ කර තිඛෙනවා.

ආසියා සහ පැසිෆික් කලාපය සඳහා වන බි්‍රතාන්‍ය රාජ්‍ය අමාත්‍ය මාර්ක් ෆීල්ඩ් මහතා එරට පාර්ලිමේන්තුවේදී කියාසිටියේ කොළඹ පිහිටි සිය මහ කොමසාරිස් කාර්යාලය අවස්ථා කිහිපයකදී ශ්‍රී ලංකා රජයට මෙය අවධාරණය කර ඇති බවයි.

මරණ දඩුවමට එරෙහිව පසුගිය දෙසැම්බර් මාසයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පැවති ඡන්ද විමසීමකදී ශ්‍රී ලංකාවද ඊට පක්ෂව ඡන්දය භාවිත කල බව ඔහු සිහිපත් කරනවා.

මේ අතර ඊයේ ඛෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවති ශ්‍රී ලංකා – යුරෝපා සංගම් ඒකාබද්ධ කොමිසමේදීද මේ සම්බන්ධයෙන් අදහස් පළවී තිඛෙනවා.

කවර හෝ වාතාවරණයකදී මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට එරෙහිවන බවයි යුරෝපා සංගම් නියෝජිතයන් සාකච්ඡාවට එක්ව සිටි ශ්‍රී ලංකා විදේශ අමාත්‍යංශ ලේකම් රවිනාථ ආරියසිංහ මහතාට අවධාරණය කර ඇත්තේ.

කෙසේවෙතත් මානව හිමිකම් / සංහිඳියාව සහ ප්‍රතිසන්ධානය වෙනුවෙන් ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහය වන බවයි යුරෝපා සංගමය මෙහිදී දැනුම් දී ඇත්තේ.

ජී එස් පී ප්ලස් බදු සහනය අඛණ්ඩව සලසන බවටද මෙහිදී නැවත ප්‍රතිඥාවක් හිමිවී තිඛෙනවා. දෙපාර්ශවය අතර මීලග ඒකාබද්ධ රැස්වීම ලබන වසරේ කොළඹදී පැවැත්වීමට නියමිතයි.

මේ අතර මරණ දඩුවම නැවත ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සූදානම් වීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර නීතිවේදීන්ගේ කොමිසම දැඩි කණස්සල්ල පළකරනවා.

එය ශ්‍රී ලංකාවද අත්සන් තබා ඇති ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රඥප්තීන් උල්ලංඝනයක් බවයි නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පෙන්වා දෙන්නේ.

මරණ දඩුවම යනු පිළිගත නොහැකි හිංසනයක් බවද මේ වනවිට රටවල් 150 කට වැඩි සංඛ්‍යාවක් ඉන් ඉවත්වී ඇති බවද මෙම නිවේදනයේ සඳහන්.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට වුවද මරණ දඩුවම දීම ජගත් නීතිවලට පටහැණි බවයි ජාත්‍යන්තර නීතිවේදීන්ගේ කොමිසම අවධාරණය කරන්නේ.

Related posts

දින 30ක් ඇතුළත සියල්ලට විසදුම් දෙන්න.. නැතිනම් බරපතල තත්ත්වයක් – මුස්ලිම් මැති ඇමතීන් එකට එක්වී අනතුරු අගවයි

colombotoday

අමෙරිකාවේ ඇති මෙරට බැදුම්කර එරට මහ බැංකුවට උගස් කරන්න හදනවා- රනිල්

colombotoday

පාර්ලිමේන්තු විවාදය ඇරඹෙයි

Admin

ජවිපෙ ඉටුකරන්න යන්නේ බෙදුම්වාදීන්ගේ වුවමනාවයි. – මුසම්මිල්

colombotoday

2022 වසරේ අවසාන පූර්ණ චන්ද්‍රග්‍රහණය පොහෝ දා

Admin

පළාත්සභා මන්ත්‍රී හා බිරිද පුද්ගලයෙකුට බිම දමාගෙන පහරදෙයි.. මහපාරේ පිස්තෝලය අරන් යකා නටයි [Video]

colombotoday