Colombo Today Local News

මඩකලපුව විශ්වවිද්‍යාලය හදිස්සි නීතිය යටතේවත් රජයට පවරාගන්නා බෑ. හිස්බුල්ලා කියයි

මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය දැනට පවතින සාමාන්‍ය නීතිය හෝ හදිසි නීතිය යටතේවත් රජයට පවරා ගත නොහැකි යැයි නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.එම් හිස්බුල්ලා ඊයේ (30දා) පැවසීය.

මෙම විශ්වවිද්‍යාලය රජයට පවරා ගැනීමට අවශ්‍ය නම් දැනට පවතින නීති වෙනස් කර නව නීති සකස් කර එයට ද කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබාගත යුතු යැයිද ඊයේ කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය.

මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය ආයෝජන මණ්ඩලය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඇතුළු අවසර ගතයුතු සියලූම රාජ්‍ය ආයතනවලින් අවසර ලබාගෙන ස්ථාපිත කර තිබෙන ආයතනයක්.

ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රිවරයකු වන ආශු මාරසිංහ මහතා පසුගිය දිනවල පාර්ලිමේන්තුවේත් ඉන් පිටතත් මෙම විශ්වවිද්‍යාලය ගැන අසත්‍ය ප‍්‍රකාශ කරමින් නොයෙක් චෝදනා එල්ල කළා. මෙය රජයට පවරා ගත යුතුයි කියාත් තිබෙනවා. නමුත් මම රජයට යෝජනා කරන්නේ මෙම විශ්වවිද්‍යාලය රජයේ පූර්ණ මැදිහත් වීමෙන් හෝ කඩිනමින් ආරම්භ කළ යුතුයි කියායි.

මේ විශ්වවිද්‍යාලය ආරම්භ කිරීමට සවුදියේ තහනම් සංවිධානයකින් රුපියල් කෝටි 1750 ක් ශ‍්‍රී ලංකා හිරා පදනමට ලැබී තිබෙන බව පසුගියදා මාධ්‍ය වාර්තා කර තිබුණා. මේක සම්පූර්ණ අසත්‍යයක්. මේ විශ්වවිද්‍යාලය ඉදිකිරීම සදහා වසර දෙකක් තුළ 07 වතාවක් සවුදියෙන් ලැබී තිබෙන්නේ රුපියල් මිලියන 360ක් බව පසුගියදා මහ බැංකුව ද ප‍්‍රකාශ කර තිබුණා.

Related posts

ඥානසාර හිමිගෙන් භික්ෂුන් වහන්සේලාට සංවේදී ලිපියක්

colombotoday

කම්කරු සමාජ ආරක්ෂණ අරමුදලට අදාළ ලියවිල්ල සැකසීමට කමිටුවක්

colombotoday

ඤාණසාර හිමි සිරගෙයින් නික්මෙයි.. උසාවියේ සිට පෙරහැරකින් වඩමවති.. මාධ්‍ය අමතයි (Video)

colombotoday

ලොකු ළූණු මිල 600 ආසන්නයේ

Admin

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වේ.. එක කොළඹ විශාකාවට.. දෙක මහනුවර මහමායා බාලිකාවට

colombotoday

IMF කොන්දේසි පාර්ලිමේන්තුවට ලබාදෙන්න – විපක්ෂ නායක

Admin