Colombo Today Local News

බෝරා මුස්ලිම් නායකයා රාජ්‍ය නායකයෙකුට දෙන ගෞරව පිලිගැනීම් සමග 21 වනදා ලංකාවට

බෝරා මුස්ලිම් ප්‍රජාවේ අධ්‍යාත්මික නායකයා ලෙස සැලකෙන ආචාර්ය සයිඩ්නා මෆාඩාල් සයිෆුඩීන් ඇතුළු අනුගාමිකයන් පිරිසට ශ්‍රී ලංකාවට පැමිණීමට අනුමැතිය ලබා දුන් බව ජනාධිපති විදේශ කටයුතු අතිරේක ලේකම් ජයනාත් කොළඹගේ මහතා සඳහන් කරයි.

එම පිරිස 21 දා මෙරටට පැමිණෙනු ඇති බවත් ඔහුට රාජ්‍ය නායකයෙකුට ලබා දෙන පිලිගැනීමක් ගුවන් තොටුපලේදී ලබා දීමට සැලසුම් කර ඇති බවද ඔහු පැවසීය.

ඉන්පසු බණ්ඩාරවෙල පිහිටි ඔවුන්ගේ නිවාඩු නිකේතනයක් වෙත ගෙන යන බවත් ඔහු සඳහන් කළේය.

කොරෝනා වසංගතය අවසන් වන තෙක් එම පිරිස මෙහි රැඳී සිටින ඇති බවද ඔහු කියා සිටියේය.

Related posts

කොරතොටදී වෙඩි තබා පලායාමක්

Admin

මීතොටමුල්ලේ මිය ගිය ගණන තවත් ඉහළට.. තව දුරටත් සෝදිසි මෙහෙයුම්

colombotoday

සිමෙන්ති මිල පහළට

Admin

බාලවයස්කාර දියණියව මවක් කළ පියා බරපතළ වැඩසහිතව වසර 12ක් සිර ගෙට

Admin

සුදුවෑන් ගැන කිව්ව රාජිතගේ නඩුව කල් යයි

Admin

ඉහළ කොත්මලේ-ලක්ෂපාන-කැනියොන් වාන් දොරටු අරී

colombotoday