Covid 19

බුලත්කොහුපිටියෙන් කොවිඩ් ආසාදිතයින් 11ක්

බුලත්කොහුපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 11 දෙනෙකු හඳුනාගෙන තිබේ.

මේ හේතුවෙන් බුලත්කොහුපිටිය සහ ලැවල ග්‍රාම නිලධාරී වසම් හි සංචරණ සීමා පැනවීමට පියවර ගත් බව බුලත්කොහුපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය අමිල ගුණසේකර මහතා පැවසුවේය.

වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,

“මේ වන විට පීසීආර් පරීක්ෂණ 30ක් කරපු එකෙන් 11ක් බුලත්කොහුපිටිය කොට්ඨාසයට අදාළව පොසිටිව් වෙලා තියෙනවා. ඒ අයගෙන් වැඩි ප්‍රමාණයක් ඉන්නේ මාළු වෙළෙඳාමේ නිරත වුණ අය සහ ඔවුන්ගේ ආශ්‍රිතයින්. ඒ කට්ටිය සහ ඒ අයගේ පළමු සම්බන්ධ වුණ අය හොයන්න මේ වෙලාවේ සැළසුම් කරලා තියෙන්නේ. ඉතින් ඒ ගොල්ලෝ හොයා ගෙන ඒ අයව ස්වං නිරෝධායනයට යොමු කරන එක තමයි අපේ බලාපොරොත්තුව. ඒ අනුව බුලත්කොහුපිටිය හා ලැවල කොට්ඨාසවල පැය 24ක කාලයකට කට්ටිය හොයා ගන්නකල් සංචරණය සීමා කරලා කටයුතු කරන්න කියලා. එතකොට අපිට පුළුවන් වෙනවා මේ අයව හොයා ගෙන ඉදිරියේ දී ස්වයං නිරෝධායනයට යොමු කරන්න සහ ඉදිරි කටයුතු කරන්න. පීසීආර් පොසිටිව් වුණ අය ඉක්මනින්ම රෝහල් වෙත යොමු කරන්නත් පුළුවන් වෙනවා.”

Related posts

පවුල් සෞඛ්‍ය නිලධාරිනියන් 600කට කොරෝනා

colombotoday

කොවිඩ් ආසාදිතයින් 287ක්

colombotoday

කොරෝනා රෝගීන් 16 දෙනෙකු හඳුනා ගැනේ

colombotoday

කොරෝනා ආසාදිත කතක් චීනය-කොරියාව-ලංකාව හරහා මදුරෙයි ගිහින්

Admin

නව කොරෝනා පොකුරු තවත් විශාල වීමේ ඉහළ අවදානමක් ඇති නිසා ඉදිරි පැය 24 ඉතාම තීරණාත්මකයි

colombotoday

‘ඩෙල්ටා’ කොවිඩ් ප්‍රභේදය ආසාදිත කාන්තාවක් IDH රෝහලට

colombotoday