සමාජ ශාලා ආසන්නයේ බීමත්ව රිය පදවන පුද්ගයන් අත්අඩංගුවට ගැනීම සදහා විශේෂ මෙහෙයුම් සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසූයේ අද (10) කැදවා තිබූ මාධ්‍ය හමුවකදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය රුවන් ගුණසේකර මහතා,
බීමත්ම රියපදවන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සදහා දිවයින පුරා මෙහෙයුම් රථ වාහන පොලිස් නිලධාරීන් යොදවා ක්‍රියාත්මක කරනවා. එමෙන් ම බීමත්ම රියපදවන්නන්ගේ රියදුරු බලපත්‍රය සදහටම අහෝසි කිරීම දක්වා නීති සංශෝධනය කිරීමට ද කටයුතු කරන බව වැඩිදුරටත් පැවසුවේය.