එළඹෙන ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමේ හැකියාව පවතින්නේ එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ එම පෙරමුණේ අපේක්ෂකයෙකුට පමණක් බව ඩිජිටල්, යටිතල් පහසුකම් හා තොරතුරු තාක්ෂණ කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පවසනවා.
ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ හැක්කේ උතුරේත්, දකුණේත් ජනතාවගේ විශ්වාසය දිනාගත්, සියළු ජාතීන්ගේ, සියලු ආගම් අදහන ජනතාවගේ අපේක්ෂාවක් ඉටුකරන නායකයකුට පමණක් බවත්, එවැනි නායකයෙක් ඉදරිපත්කළ හැක්කේ එක්සත් ජාතික පක්ෂයට පමණක් බවත් හෙතෙම කියා සිටී.
කළුතර, බණ්ඩාරගම ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.