Colombo Today Local News

බස්නාහිර සභාවේ ගද යවන්න ලක්ෂ 160ක යන්ත්‍රයක් ගෙනෙයි.. සුවද පුරවන්න වසරකට වැයවන මුදල කෝටි තුනයි…

බස්නාහිර පළාත් සභාව වෙනුවෙන් ඉදිකරන ලද නව ගොඩනැගිල්ල සුවඳවත් කිරීම සඳහා රුපියල් එක්කෝටි හැටතුන් ලක්ෂ හැට දෙදහස් පන්සියයක (රු:16362500) මුදලක් වියදම් කර එයාර් ප්‍රෙෂ්නර් යන්ත‍්‍ර සවිකර ඇති බව වාර්තා වෙයි.

මහල් 15 කින් යුතු නව ගොඩනැගිල්ලේ සෑම කාමරයකටම එයාර් ප්‍රෙෂ්නර් සවිකර ඇති අතර ඒ අනුව රුපියල් 18,700 බැගින් යන්ත‍්‍ර 875 මිලට ගෙන ඇති අතර බස්නාහිර පළාත් සභාවේ සන්ධාන මන්ත්‍රී සුලෝචන ගමගේ ද මේ සම්බන්ධව ඉසුර දේවප්‍රිය ප්‍රධාන අමාත්‍යවරයාට චෝදනා කර සිටියි.

මෙම එයාර් ප්‍රෙෂ්නර් නැවත පිරවීම සඳහා එක් වතාවකට රුපියල් 2,625,000 මුදලක් වැයවන බව ද මන්ත්‍රීවරයා සඳහන් කරන අතර සති 03කට වතාවක් මෙම යන්න සුවඳ පිරවිය යුතු එක්වතාවක් නැවත පිරවීම සඳහා එක් යන්ත‍්‍රයකට රුපියල් 3000ක් බැගින් යන්ත්‍ර 875ට 2,625,000 මුදලක් වැය වන බව ද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

වසරක කාලයක් සඳහා මෙම යන්ත්‍ර වලට සුවඳ පිරවීම සඳහා පමණක් රුපියල් කෝටි තුනකට ආසන්න මුදලක් වැයවන බව ද ඔහු කියා සිටී.

Related posts

සහල් නැවකට සල්ලි බදී

Admin

බණ්ඩාරනායක මැතිනිය හිටවූ ගසට ගිනි තැබූ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නිලධාරියා අත්අඩංගුවට

colombotoday

NGO නඩයක් කොළඹට එකතු වෙයි… ජනපතිට විරෝධය පා ජාතික ගීය දෙමළෙන් කියයි !

colombotoday

මහා පරිමාණයෙන් සහල් මංකොල්ල කෑ කතක් පානදුරේදී කොටු

colombotoday

‘රටේ අර්බුද දේශපාලකයන්ගේ බිස්නස් එකක් වෙලා… හොරාට කලින් කෙහෙල්කැන වැට පැන්නා’

Admin

කටුගස්තොටත් නොසන්සුන්

colombotoday