Colombo Today Local News

බදියුදීන් නොනවතී… විල්පත්තු සංහාරයට එරෙහිව සමාජ ජාලා විරෝධය යළි ඇවිලේ…

විල්පත්තු මහා වන සංහාරය එරෙහිවකලක පටන් සමාජ ජාල ඔස්සේ එල්ලවුණු විරෝධය නැවත වරක් උත්සන්න වී තිබෙනවා.

රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා විසින් විල්පත්තු වන ප්‍රේරක කළාපයට අයත් රක්ෂිතයේ නොනැවතී සිදු කරමින් පවතින වන සංහාරය හා ජනපදකරණය කටයුතු වඩාත් වේගවත් වීමත් සමගයි මෙම විරෝධය නැවත මතුවී තිබෙන්නේ.

විල්පත්තුවේ සිදුවෙමින් පවතින වන සංහාරයේ තරම දැක්වෙන චන්ද්‍රිකා ඡායාරූප කිහිපයක්ද මේ දිනවල සමාජ ජාලා ඔස්සේ සංසරණය වෙමින් පවතින අතර මීට පෙර නිකුත් වූ ඡායාරූපවල දැක්වුණු ප්‍රමාණයට වඩා වන සහාරය දරුණු වී ඇති බව නවතම ඡායාරූප නිරීක්ෂණය කිරීමෙන් පෙනී යයි.

මේ අතර විල්පත්තු රක්ෂිතයේ මිනිස් ක්‍රියාකාරකම් බහුල වීමත් සමග හොර දැව ජාවාරම හා වන සතුන් දඩයමද වර්ධනය වී ඇති බවත් පැවසෙනවා.

අමාත්‍ය රිෂාඩ් බදියුදීන් විසින් රාජ්‍ය නිලධාරීන්ද නොමග යවමින් අවතැන් වූ මුස්ලිම් ජනතාව පදිංචි කරවීම සදහා යැයි පවසමින් ඔහුගේ දේශපාලන හිතවතුන් විල්පත්තු වන රක්ෂිතයේ පරිවාර රක්ෂිතයක් වන විලත්තිකුලම් රක්ෂිතය හෙලිකරමින් ජනාවාරකරණය කර ඇති බවට 2018 පෙබරවාරි මස නිකුත් වූ විගණකාධිපති වාර්තාවෙන්ද අනාවරණය කර තිබුණා.

කෙසේ වෙතත් විවිධ පාාර්ශවවලින් එල්ලවූ විරෝධය නොතකමින් රජයේ අනපනත් හා නීති උල්ලංඝනය කරමින් අමාත්‍යවරයාගේ මැදිහත් වීමෙන් මේ අවස්ථාවන වන විටත් විල්පත්තු රක්ෂිත ප්‍රේරක කළාපය දැඩි ලෙස සංහාරය කරමින් පවතින බවත් වාර්තා වන්නේ.

Related posts

වත්මන් රජය ජනතාව මුලා කරමින් සිටිනවා.. නැවත ත්‍රස්තවාදයක් ඇති නොවෙන්නට කල යුතුදේ සජිත් කියයි

colombotoday

පොළොන්නරු ථූපාරාමයට හොරු පනී.. පිං පෙට්ටිය සොරාකයි

colombotoday

ශ්‍රී ලංකාව තුළ තවත් සංවේදී පරිසර පද්ධති 04ක් අලුතින් හදුනා ගනී

colombotoday

හදිසි නීතිය දමා, කොළඹ කුණු අදින්න හමුදාව යොදවන්න යෝජනා කෙරේ !

colombotoday

මන්ත්‍රී ජොනී තවත් නඩු හතරකින් නිදහස්

colombotoday

රැකියා නැති උපාධි ධාරයෝ පළාත් සභාවට එති

colombotoday